ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගලීබාෆ් පවසන්නේ, එක්සත් ජනපදය සමඟ යුද්ධය අවසන් කිරීම සඳහා වන සාකච්ඡා වලදී "ප්රගතියක් ලබා ඇති" නමුත් දෙපාර්ශ්වය "අවසාන සාකච්ඡාවෙන් බොහෝ දුරස්" බවයි.
ඇමෙරිකාව සමග සාකච්ඡා පවත්වන ඉරාන නියෝජිතයන්ගේ පාර්ශ්වකරුවෙක් වන ගලීබාෆ් ඇමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් ඇතුළු ඇමරිකානු නියෝජිතයන් සමඟ පාකිස්තානයේ පැවැති සාම සාකච්ඡා සඳහාද එක්වූ පුද්ගලයෙකි. කෙසේ වෙතත් ඇමෙරිකාව හා ඉරානය අතර දෙවැනි වටයේ සාකච්ඡා සඳහා තවමත් දිනයක් වෙන් කර නොමැත.