saravita-anim2

2026 පෙබරවාරි මස 23 වන සඳුදා

2026 පෙබරවාරි මස 23 වන සඳුදා

Latest News - timelapse 9383 hours ago

LATEST

අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා සේවකයන්ට සිය සේවා හැඳුනුම්පත බලපත්‍රයක් ලෙස භාවිත කිරීමට ඉඩ

calendar_today 2020 අප්‍රේ 05 - 07:48 remove_red_eye - 857  

ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා විදුලි පුද්ගලික සමාගම, ලංකා ඛණිජ තෙල් සංස්ථාව සහ සීමාසහිත ලංකා ඛණිජ තෙල් ගබඩා පර්යන්තය යන ආයතනවල සේවකයින්ට සිය සේවා හැදුනුම්පත භාවිත කරමින් සේවා ස්ථානවලට පැමිණීමට අවසර ලබාදී ඇති බව පොලීසිය නිවේදනය කරයි.

වැඩිහිටි, ආබාධිත හා වකුගඩු රෝගී දීමනා ගෙවීම අප්‍රේල් මස 06 වැනි සඳුදා දින ප්‍රමුඛතාව ලබාදී සම්පූර්ණයෙන්ම ගෙවා නිම කිරීමට කටයුතු කරන බව රජය අවධාරණය කරයි.

Read More

ඇඳිරි නීති බලපත්‍ර අවභාවිත කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය නිවේදනය කරයි.

Read More

අද (5) සබරගමුව, බස්නාහිර, වයඹ, මධ්‍යම, ඌව, දකුණු සහ උතුරු-මැද පළාත්වලත් මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවන අතර නැගෙනහිර පළාතේ වැසි වාර කිහිපයක් ඇති වීමට හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Read More

ස්පාඤ්ඤයේ කොවිඩ්-19 වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 11,947ක් වන අතර, ඉතාලියේ 15,362කි.

Read More

ඇමෙරිකාවේ දිනක වැඩිම මරණ ලෙස 1,224ක් වාර්තා වෙමින් සමස්ත මරණ 8,376ක් දක්වා ඉහළ යයි.

Read More

කොවිඩ්-19 ආසාදනය වී ලොව පුරා සිදුව ඇති ජීවිත හානි මේ වනවිට 65,000කට ආසන්න බව ජෝන්ස හෝප්කින්ස් දත්ත පවසයි.

Read More

කෝවිඩි - 19 වෛරසය ආසාදනය වු තවත් පුද්ගලයින් සිව් දෙනෙකු හඳුනා ගෙන තිබේ.

Read More

සෞභාග්‍යා’’ ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහනට සමගාමීව නාගරික හා අර්ධ නාගරික ජනතාව ඉලක්ක කරගනිමින් ගෙවතු දසලක්ෂයක් වගාකිරීමේ ’’සෞභාග්‍යා ගෙවත්ත’’ නමින් තවත් වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කර ඇත.

Read More

නාඋල ප්‍රාදේශීය ලේකම් කෝට්ඨාසයේ අඹන සමෘද්ධි බැංකුවට අනුයුක්තව, අඹන , මොරගහමඩ වසමේ රාජකාරි කළ සමෘද්ධි නිලධාරිවරයෙකුට ඊයේ (03) සිදුකල පහරදිමට අදාල සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ලබන 08 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට නාඋල ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව වීරසිංහ මහතා අද (04) නියෝග කළේය.

Read More

ඒ අනුව එසේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් අධිකරණයට ඉදිරිපත් කර ඉදිරි නීතිමය පියවර ගන්නා බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා දන්වා සිටියි.

Read More

කොරෝනා වෛරසය පැතියාමේ අවදානම හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන ලබාදීමේ යාන්ත්‍රණය නිර්දේශපාලනීකරණය කළ යුතු බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

නිවේදනයක් නිකුත් කරමින් ‍පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසා සිටියේ අද(04) උදෑසන 6 සිට සවස 6 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 473ක් අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන 131ක් පොලිස් භාරයට පත්ව ඇති බවයි.

Read More

තමන්ගේ මුදලින් ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය සඳහා ගොස් සිටින සිසුන් වෙත ඔස්ට්‍රේලියාවෙන් පිටව යන ලෙස ඔස්ට්‍රේලියා අග්‍රමාත්‍ය ස්කොට් මොරිසන් මහතා ප්‍රකාශ කර නොමැත.

Read More

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය පාලනය සඳහා සමස්ත දිවයිනම සම්පූර්ණයෙන් වසා දැමීමට සූදානමක් බවතින බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රවෘත්ති සම්පූර්ණයෙන්ම අසත්‍ය බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටිනවා.

Read More

කොරෝනා ආසාදනය වීමෙන් සුවය ලැබූ තවත් රෝගීන් දෙදෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ

Read More

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේදී නිරෝධායනයට ලක්ව සිට නිවසට ගොස් සිටි මතුගම නව්තුඩුව ප්‍රදේශයේ 34 හැවිරිදි තරුණයෙකුට දින 10කට පසු කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇත.

Read More

රඹුක්කන කඩිගමුව ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට පහරදී තිබේ. තියුණු ආයුධයකින් පහර කෑ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා රඹුක්කන රෝහලට ඇතුළත් කර තිබේ.

Read More

ස්පාඤ්ඤයේ කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් තවත් පුද්ගලයින් 809 දෙනෙකු මියගොස් ඇති අතර, ඒ අනුව ස්පාඤ්ඤයේ මරණ සංඛ්‍යාව 11,744 ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

වැලිකන්ද රෝහලේ සිදු වූ ප්‍රථම කොරෝනා මරණය මෙය වන අතර ඔහුගේ ආදාහන කටයුතු දහවල් 2.00 පමණ පොලොන්නරුව අරලගන්විල විජයබාපුර ආදාහනාගාරයේදී සිදු කෙරිණි.

Read More

ඊයේ දිනයේ සිට අද පස්වරු 4.30 දක්වා රෝගීන් 11 දෙනෙක් හඳුනාගෙන ඇති අතර මෙයින් තිදෙනෙකු යාපනය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධානය වෙමින් සිටි පුද්ගලයන් වෙයි.

Read More

මුදා හැරී පිරිස අධිකරණය ලබාදී ඇති සහනය කඩ නොකර, පනවා ඇති කොන්දේසි ඉටුකරමින් යහපත් අන්දමින් සමාජයේ හැසිරිය යුතු බවට අවධාරණය කෙරේ.

Read More

කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය පාලනය කරනු පිණිස රජය ක්‍රියාත්මක කළ වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය කොට ඉදිරි පියවර තීරණය කිරීම සඳහා වූ සාකච්ජාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.

Read More

යථාර්ථවාදී නොවන බව කියමින් ප්‍රකාශකයන් විසින් 2005 වසරේදී ප්‍රතික්ෂේප කළ ‘Lockdown’ නවකතාව,මේ වන විට මිලියනයකට අධික සංඛ්‍යාවක් කියවා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Read More

විශේෂ ඇදිරි නීති කාලය තුළ සිදුවන විදුලිය හා ජල පාරිභෝගිකයින්ගේ අභ්‍යන්තර විදුලි හා ජල පරිපථ දෝෂවලට කඩිනම් විසදුම් ලබාදීම සඳහා විශේෂ සේවාවක් හෙට සිට ක්‍රියාවට නැංවන බව මහජන උපයෝගීතා කොමිෂන සභාව පවසයි

Read More

ඇදිරි නීතිය ඉවත් කෙරෙන ලබන 6 වනදා සහ ඊට පෙර දින අතිවිශාල ජනතාවක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ඇතුළු වීමත් සමඟ වෛරසය පැතිර යාමේ අවදානමක් පවතින බව බැවින් දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානය හෙට(05) සහ අනිද්දා(06) යන දෙදින තුළ වසා තැබීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබේ.

Read More

කෝවිඩ් -19 වෛරසය වැලදී රෝහල් ගතව සිටි තවත් රෝගියෙක් සම්පුර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේය.

Read More

අද(04) උදෑසන 06 සිට අවසන් වූ පැය 06ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝණ කළ පුද්ගලයින් 242 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

සබරගමුව, මධ්‍යම, ඌව හා උතුරු මැද පළාත්වලත් කොළඹ, කලුතර, හා කුරුණෑගල දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිඟුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව සඳහන් කරයි.

Read More

සායනික රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ නිවෙස් වෙත බෙදහැරීමේ දීප ව්‍යාප්ත වැඩසටහන යටතේ ඖෂධ පාර්සල් 11765ක් බෙදා අවසන් කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.