කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය පාලනය සඳහා සමස්ත දිවයිනම සම්පූර්ණයෙන් වසා දැමීමට සූදානමක් බවතින බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්රවෘත්ති සම්පූර්ණයෙන්ම අසත්‍ය බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටිනවා.
එම තොරතුරෙහි කිසිදු සත්‍යතාවයක් නොමැති බවත්, රජය විසින් මේ දක්වා එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් පොලීසිය පවසයි.
නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ එවැනි අසත්‍ය ප්රවෘත්ති පළ කළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි.
