ප්‍රභල අකුණු පිළිබඳව අනතුරු ඇගවිමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද පස්වරු 1.00ට නිකුත් කළ නිවේදනය අද රාත්‍රී 11.00 තෙක් වලංගු වෙයි.
සබරගමුව, මධ්‍යම, ඌව හා උතුරු මැද පළාත්වලත් කොළඹ, කලුතර, හා කුරුණෑගල දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිඟුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව සඳහන් කරයි.
