saravita-anim2

2026 මැයි මස 01 වන සිකුරාදා

2026 මැයි මස 01 වන සිකුරාදා

Latest News - timelapse 9325 hours ago

LATEST

මැතිවරණ පැමිණිලි ඉදිරිපත් කිරීම සදහා දුරකථන අංක

calendar_today 2020 ජුනි 24 - 16:48 remove_red_eye - 451  

මැතිවරණ පැමිණිලි ඉදිරිපත් කිරීම සදහා මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇත.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 04ක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 23 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

Read More

දීර්ඝ කාලයක් තිස්සේ වසා දමා තිබු මඩකලපුව වාලච්චේනේයි පිහිටි රජයේ කඩදාසි කම්හල යළි ක්‍රියාත්මක තත්ත්වයට ගැනීම සදහා රජය විසින් දරන්නාවු වෑයමට තාක්ෂණික සහාය සැපයිමට ශ්‍රි ලංකා නාවික හමුදාව ඉදිරිපත් විය.

Read More

කෝවිඩ් අවදානම් පුද්ගලයන් හඳුනාගැනීමට නිර්මාණය කළ ’ස්වරක්ෂා’ ජංගම දුරකථන යෙදවුම (SWARAKSHA moblie app) ජනතාවට නොමිලයේ බාගතකරගත හැකි බවත් එය ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා අවශ්‍යතාවය ඇති රටවල් සඳහා නොමිලයේ ලබාදීමට කටයුතු කරන බවටත් කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.

Read More

දැනට විදුලි බල මණ්ඩලය තුළ නීති අංශයක් හා නීති නිලධාරින් සිටින බැවින් ඔවුන්ගේ සේවය ලබා ගනිමින් නව බලාගාරයේ කටයුතු සම්බන්ධව නීතිමය කටයුතු පවත්වාගෙන යන ලෙසත් අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

Read More

ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනට උතුරු , නැගෙනහිර සහ ගිනිකොණ දෙසින් වන ගැමුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මාලදිවයින තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 169 දෙනෙකු මාලේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් අද (24) දින මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

කොළඹ අඩු ආදායම් ලාභී පවුල් සඳහා දැනටමත් නිවාස 20,000ක් සාදා අවසන් බවත් කොළඹ නගරය පැල්පත් රහිත නගරයක් කිරීමට තවත් නිවාස 40,000ක් පමණ අවශ්‍ය බවත් නාගරක සංවර්ධන ආමාත්‍යාංශ ලේකම් ආචාර්ය පියත් බන්දු මහතා සඳහන් කර සිටියේය.

Read More

අධිකරණයේ විභාග කරන නඩුවක් සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී වැරදි සහගත ප‍්‍රකාශයක් කොට අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිට කරුණු ඉදිරිපත් කරන ලෙස එලෙස චෝදනා ලැබ සිටින විශ‍්‍රාමික මේජර්, නීතිඥ අජිත් ප‍්‍රසන්න මහතාට නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඒ සඳහා ඔහුට අද (24) නොතිසි නිකුත් කළේය.

Read More

බස්නාහිර පළාත තුළ ගතවූ සතියක කාලයේ සිදුකල විශේෂ රථවාහන මෙහෙයුමකදී රථ වාහන නඩු 6,981 ක් ලබාගෙන තිබේ.

Read More

ගලේවෙල අලුත්වැව ප්‍රදේශයේ විසක් ශරීරගත කොට සුනකයන් දස දෙනෙකු පමණ ඝාතනය කර ඇතැයි ප්‍රදේශවාසීහු ගලේවෙල පොලීසියට 24 පැමිණිලි කොට තිබේ.

Read More

මෙවර පැවැත්වෙන මැතිවරණයේදී විෂබීජ නාශක දියර වෙනුවෙන් පමණක් රුපියල් කෝටි සියයක පමණ මුදලක් වැය වනු ඇති බවට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රි​ය සඳහන් කර සිටියි.

Read More

මෙවර පැවැත්වෙන මහමැතිවරණය වෙනුවෙන් ඡන්දය ගණන් කිරීමේ පෙරහුරුවක් ඊයේ (23) දින යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේදී යාපනය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරින් කේ. මහේෂන් මහතාගේ ප්‍රධානත්වයෙන් හා මැතිවරණ කොමිෂමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්වුණි.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 14ක් සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යාතනය සඳහන් කරයි. එ අනුව සුව වූ රෝගීන් සංඛ්‍යාව 1562ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

මාවනැල්ල _ අරණායක පොලිස ස්ථානයේ උපපොලිස් පරික්ෂකවරයෙකුගේ සහ පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර ඇත.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එංගලන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 154 දෙනෙකු ලන්ඩන් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් 6/24 දින දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අගෝස්තු මස පැවැත්වීමට යෝජිත ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය සදහා අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටුයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ අනුමැතිය අද (24) දින ලබා දෙන ලදි.

Read More

ශ්‍රී ලංකාවේ සිදුකර ඇති පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.

Read More

යාපනය පූත්තූර් ප්‍රදේශයේ පදිංචි තරුණියක් සිය සිරුරට ගිනිතබා ගැනීමෙන් ඊයේ (23) දින ජීවිතක්ෂයට පත්ව ඇති බවට අච්චුවේලි පොලීසිය පවසයි.

Read More

විල්පත්තු වනය හෙළි කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණයෙ විභාග වන නඩුවේ තීන්දුව එළැඹෙන ජුලි 31 දා අභියාචනාධිකරණය විසින් ප්‍රකාශයට පත්කිරිමට නියමිතය.

Read More

තමන් නුවරඑළිය දිස්ත්‍රික්කයට ඡන්දය ඉල්ලන්න හේතුව වුණේ ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දෙන්න ඕන නිසා වගේම නුවරඑළිය දිස්ත්‍රික්කය සංවර්ධනය කිරිමට මැදිහත් විමට බව නුවරඑළිය දිස්ත්‍රික් පොදුජන පෙරමුණේ අපේක්ෂක මුත්තයියා ප්‍රභාකර් මහතා පවසයි.

Read More

ඉතාලියේ බෙර්ගමෝ පළාතේ කොවිඩ් වසංගතය පැතිරිම සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලබා නොදිමත් ඉක්මන් ක්‍රියාමාර්ග නොගැනිමත් හේතුවෙන් තම ඥාතින් මියයාම සම්බන්ධයෙන් පරික්ෂණයක් හා වගකිව යුත්තන්ට එරෙහිව පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමින් බෙරගමෝ අධිකරණයේ නඩු පැවරු බව බෙර්ගමෝ පළාතේ කොවිඩ් වසංගතයෙන් මියගිය පුද්ගලයන්ගේ ඥාතින්ගේ සංගමය පැවසීය.

Read More

රාජගිරියේදී රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකුට බරපතල තුවාල ලක්කිරීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක හා වැලිකඩ පොලීසියේ එවක හිටපු ස්ථානාධිපතිවරයාට අධි චෝදනා ගොනු කරන බව නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

සැබෑ නායකයින් ඕනෑම තත්ත්වයකට මුහුණ දිය හැකි පෞර්ෂත්වයකින් හෙබි පුද්ගලයින් විය යුතු බව ද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට හෙට පෙ.ව 9 සිට පස්වරු 12 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය පවසයි.

Read More

2011 ලෝක කුසලානය සම්බන්ධයෙන් සිදු වුවේ යැයි කියන තරගපවා දීම සම්බන්ධයෙන් තමන් කළ ප්‍රකාශයට අදාළ පිටු හයකින් සමන්විත ලියකියවිල්ලක් අද (24දා) පොලිස් විශේෂ විමර්ෂණ අංශය වෙත පැමිණිල්ලක් කළ බව හිටපු ක්‍රීඩා අමාත්‍යය සහ මහනුවර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පොදු ජන පෙරමුණේ අපේක්ෂක මහින්දනන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

Read More

විවාහ මංගල්‍ය හා වෙනත් උත්සව සඳහා සහභාගී කර ගත හැකි පිරිස 200ක් දක්වා වැඩිකිරීමට රජයේ අවධානය යොමුවෙයි .

Read More

සාමාන්‍යයෙන් මෙය විමර්ෂණය කළ යුත්තේ ත්‍රස්ත විමර්ෂණ ඒකකය විසිනි. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට යටත්වයි. නමුත් දේශප්‍රේමී යැයි කියා ගන්නා රජයට මේ දේශද්‍රෝහී ප්‍රකාශයට , දේශද්‍රෝහී ක්‍රියාවට එරෙහිව සැබෑ ලෙසම පියවර ගන්න වුවමනාවක් තිබෙනවා නම් මේක සී.අයි.ඩී යට ගෙනල්ලා බොරු සන්දර්ශන දාන්න එපා.

Read More

නොරෝච්චෝල ලක් විජය බලාගාරයේ ගල් අගුරු අළු එකවර ඉලන්තඩිය වගා බිම් වලට පතිත වීම නිසා වගාකරුවන් දැඩි අසීරුතාවන්ට පත්වූ බව ඔවුන් පවසයි.

Read More

මෙම අවශ්‍යතාවය ඕනෑම ගෘහස්ථ පොදු අවකාශයක අදාළ වන අතර සමාජ දුරස්ථභාවය පවත්වා ගත නොහැකි නම් එළිමහනේද මෙය අනිවාර්යය වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.