ගලේවෙල අලුත්වැව ප්රදේශයේ විසක් ශරීරගත කොට සුනකයන් දස දෙනෙකු පමණ ඝාතනය කර ඇතැයි ප්රදේශවාසීහු ගලේවෙල පොලීසියට 24 පැමිණිලි කොට තිබේ.
24 දින පෙරවරුවේ තැන තැන සුනඛයන්ගේ මළ සිරුරු දැකීමත් සමඟ ප්රදේශවාසීන් මේ පිළිබඳව දැඩි විමසිල්ලෙන් සොයා බැලීමක් සිදු කරද්දී නිවෙස් වල සිටි සුනඛයන් දස දෙනෙකුගේ පමණ මළ සිරුරු පෙරවරුවේ සොයා ගත් බව ප්රදේශවාසීහු පවසති.
ගලේවෙල පොලීසියේ ඉහළ පොලිස් නිලධාරියකු කියා සිටියේ පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු පැමිණිල්ලක් අනුව ප්රදේශයේ පරික්ෂා කිරීම සඳහා පොලිස් කණ්ඩායමක් යැවූ බව ය කෙසේ වෙතත් තවදුරටත් මෙම සුනඛයන් මිය යෑම සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු පවත්වන බවද පොලිසිය ඒ මහතා වැඩිදුරටත් ප්රකාශ කළේය.
