කෝවිඩ් අවදානම් පුද්ගලයන් හඳුනාගැනීමට නිර්මාණය කළ 'ස්වරක්ෂා' ජංගම දුරකථන යෙදවුම (SWARAKSHA moblie app) ජනතාවට නොමිලයේ බාගතකරගත හැකි බවත් එය ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා අවශ්‍යතාවය ඇති රටවල් සඳහා නොමිලයේ ලබාදීමට කටයුතු කරන බවටත් කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.
මීටර් 10 ක් ඇතුළත ඕනෑම ස්ථානයක සිටින කෝවිඩ්-19 අවදානම් පුද්ගලයකු හඳුනාගත හැකි 'ස්වරක්ෂා' ජංගම දුරකථන යෙදවුම කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා ඇතුළු පිරිසක් විසින් නිර්මාණය කර ඇති අතර මෙමගින් පුද්ගලික ආරක්ෂාව සහ තොරතුරුවල රහස්‍යභාවය උපරිමයෙන් ආරක්ෂාවන ආකාරයට නිර්මාණය කර ඇති බවද මහාචාර්ය චන්දන ජයරත්න මහතා ප්‍රකාශ කළේය.
ජාතික පර්යේෂණ සභාවේ ඉල්ලීම මත නිර්මාණය කර ඇති මෙම ජංගම දුරකථන යෙදවුම හඳුන්වා දීම අද (24දා) ජාතික පර්යේෂණ සභාවේදී සිදුකෙරිණි.
කෝවිඩ් -19 වැලඳුන පුද්ගලයෙකු හමු වුවහොත් මෙම ජංගම දුරකථන යෙදුම භාවිත කරමින් එම රෝගය පැතිරුණ ආකාරය විනාඩි කිහිපයක් ඇතුළත සොයාගැනීමට හැකියාව ඇති බවත්, එමගින් රෝග පාලනය කිරීම සඳහා කෙටිකාලයක් තුළ ක්‍රියාත්මක වීමට හැකියාව ලැබෙන බවත් මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.
විදෙස් රටවලින් ශ්‍රීලංකාවට පැමිණෙන සියලුදෙනාහට මෙම ජංගම දුරකථන යෙදවුම (SWARAKSHA moblie app) බාගතකරගන්නා ලෙස දැනුම්දුනහොත් ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණි පසුව උවද කෝවිඩි-19 ආසාදිතයන් බවට පත්උවහොත් එය පහසුවෙන් හඳුනාගැනීමට හැකිවන අයුරින් මෙම යෙදුම නිර්මාණය කර ඇති බවද ජයරත්න මහතා පෙන්වාදුන්නේය.