කරුණා අම්මාන් කළ ප්‍රකාශය ගැන පරීක්ෂණ කළ යුත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නොව ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.
‘‘කරුණා අම්මාන් විසින් වීර රණ විරුවන් තුන්දාහක් එක රැයකට මරා දැමුවා කියා කියන්න තරම් හයියක් ලැබිලා මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කරාට පසුව, රට පුරා නැගෙන විරෝධතාවය හමුවේ කරුණා අම්මාන් ව සී.අයි.ඩී ය වෙත කැඳවා ඇති බව අපට වාර්තා වුණා.
නමුත් සාමාන්‍යයෙන් මෙය විමර්ෂණය කළ යුත්තේ ත්‍රස්ත විමර්ෂණ ඒකකය විසිනි. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට යටත්වයි. නමුත් දේශප්‍රේමී යැයි කියා ගන්නා රජයට මේ දේශද්‍රෝහී ප්‍රකාශයට , දේශද්‍රෝහී ක්‍රියාවට එරෙහිව සැබෑ ලෙසම පියවර ගන්න වුවමනාවක් තිබෙනවා නම් මේක සී.අයි.ඩී යට ගෙනල්ලා බොරු සන්දර්ශන දාන්න එපා.
තමන් දේශප්‍රේමී නම් මේ ප්‍රකාශයට විරුද්ධව පියවර ගැනීම ත්‍රස්ත විමර්ෂණ ඒකකය යටතට බාර දී තමන් දේශප්‍රේමීන් බව ඔප්පු කරන්න කියා තමන් විසින් ආණ්ඩුවට තරයේ කියා සිටිනවා’’