කොළඹ අඩු ආදායම් ලාභී පවුල් සඳහා දැනටමත් නිවාස 20,000ක් සාදා අවසන් බවත් කොළඹ නගරය පැල්පත් රහිත නගරයක් කිරීමට තවත් නිවාස 40,000ක් පමණ අවශ්‍ය බවත් නාගරක සංවර්ධන ආමාත්‍යාංශ ලේකම් ආචාර්ය පියත් බන්දු මහතා සඳහන් කර සිටියේය.
ඔහු මේ බව සඳහන් කර සිටියේ රජයේ ප්රවෘත්ති දොපර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින්ය.
