බස්නාහිර පළාත තුළ ගතවූ සතියක කාලයේ සිදුකල විශේෂ රථවාහන මෙහෙයුමකදී රථ වාහන නඩු 6,981 ක් ලබාගෙන තිබේ.
ඉකුත් 17 වනදා සිට අද දිනය දක්වා මෙම මෙහෙයුම් සිදු කෙරුණා. එහිදී බීමත් රියදුරන් 948 ක් ද අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ රාත්‍රී 8 සිට අද අළුයම 4 දක්වා සමස්ථ දිවයිනම කි‍්‍රයාත්මක වන පරිදි විශේෂ රථවාහන මෙහෙයුමක්ද සිදුකළ බවය පොලීසිය සඳහන් කර සිටී. එහිදී පුද්ගලයින් 408 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාවද 408 ක්. වෙනත් නඩු 3,257 ක්ද එහිදී ලබාගත් බවයි පොලීසිය සදහන් කර සිටියේය.
