මාවනැල්ල _ අරණායක පොලිස ස්ථානයේ උපපොලිස් පරික්ෂකවරයෙකුගේ සහ පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර ඇත.
ඒ නීතිවිරෝධි මත්පැන් ප්‍රවාහනය කිරිමේදි අත්අඩංගුවට ගත් සැකකරුවෙකු වෙනුවට වෙතන් අයෙකු අධිකරණයට ඉදිරිපත් කිරිම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව එල්ල වි ඇති චෝදනාවකටය.
මෙම සැකකරුවන්ගෙන් රු. 60,000 මුදලක් ලබා ගත් බවටද මෙම පොලිස් නිලධාරින්ට චෝදනා වි තිබේ.
ඒ අනුව කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් අද දිනයේ මෙම නිලධාරින් තිදෙනාගේ වැඩ තහනම් කර තිබේ.
