saravita-anim2

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 8665 hours ago

LATEST

නාවික හමුදා නිලධාරියා මියගියේ මී උණ නිසයි

calendar_today 2020 අප්‍රේ 26 - 12:41 remove_red_eye - 1866  

මෙම නිලධාරියා ප්‍රථිකාර ලැබූ කාලය තුළ වෛද්‍යවරුන් විසින් ඔහු පිළිබඳව සිදුකරනු ලද පරීක්‍ෂණ වලදී ඔහු මී උණ රෝගී තත්වයෙන් පෙලෙන බව නිගමනය කර ඇත. එමෙන්ම වැලිසර නාවික හමුදා කඳවුර තුළ කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවීමත් සමඟ සිදු කරන ලද පරීක්‍ෂණ වලදී මෙම නාවික හමුදා නිලධාරියා කොවිඩ් 19 වෛරසය ආසාධිත පුද්ගලයෙකු නොවන

අද පස්වරු 11.30 වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 හේතුවෙන් තහවුරු වූ රෝගීන්ගේ සංඛ්‍යාව 462ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

ලැබෙන දත්ත සහ තොරතුරු අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොරෝනා වෛරසය පැතිරයාම අවධානම් තත්ත්වකට පත්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වයඹ පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය ඉන්දික රත්නායක මහතා ප්‍රකාශ කළේය .

Read More

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා පරික්ෂණ ආරම්භ කළ දිනයේ සිට අද (26දා) දක්වා කාලය තුළදි පී. සී. ආර්.පරීක්ෂණ 1291ක් සිදුකොට ඇති අතර ඉන් කොරෝනා ආසාදිතයින් බවට තහවුරුවී ඇත්තේ පුද්ගලයින් 20 දෙනෙකු පමණක් බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය සම්පත් රණවිර මහතා පවසයි.

Read More

ඉතාලියේ දෛනික මරණ සංඛ්‍යාව මාර්තු මස (17) න් පසුව අඩුම අගයක් ගත දිනය ඊයේ (25) වාර්තා වු බවත් එය 415 වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

Read More

දැනට රට තුළ පවතිනඇඳිරි නීතිය ලිහිල් කළ වහාම වඩාත් සෞඛ්‍යමත් පරිසරයක් තුළ ආරක්ෂාකාරී ලෙස සේවාවන් විධිමත් ව පවත්වාගෙන යාමට මුලික පියවර ගන්නැයි විදුලිබල හා බලශක්ති හා ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ප්‍රවාහන අංශයේ සභාපති වෛද්‍ය ශවින්ද්‍ර ගමගේ මහතාට උපදෙස් දී ඇත.

Read More

ගාල්ල දිස්ත්‍රික්කයේ පී.සී.ආර්. පරීක්ෂණයට ලක්කළ නාවික සෙබළුන් 16 දෙනෙකුගේ පරීක්ෂණ සෘණාත්මක වී තිබේ.

Read More

ඇතැම් රැකියා කොන්ත්‍රාත්තු ආරම්භ කිරීම ප්‍රමාද වී ඇති නමුත්, ඔවුන්ගේ රැකියාවන්හි සුරක්‍ෂිත බව කොරියාවේ සෝල් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහතික කර ඇති බව ද ඔහු පැවසීය. තානාපති කාර්යාලය, කොරියානු ජනරජය තුළ ගිවිසුම් අවසන් කිරීමට නියමිතව සිටින අයගේ කොන්ත්‍රාත් කාලය දීර්ඝ කිරීම සඳහා පළාත් පාලන ආයතන සමඟ සාකච්ඡාවල නිරතව සිටී.

Read More

බන්ධනාගාර තුළ පවා දැඩි රැකවල් මධ්‍යයේ සිටි අය ගෙදර යැවීම ගැන මාෆියා විරෝධීන්ගෙන් දැඩි විවේචනයක්.

Read More

පළමුව, ආර්ථිකය ආරම්භ විය යුතුයි. කෑමට නොහැකි වූ විට මිනිසුන් ඡන්දය ප්‍රකාශ කිරීමට යන්නේ නෑ. ආර්ථිකය ආරම්භ විය යුතුය. ඒ සමඟ ජනතාව මැතිවරණයට පැමිණෙනු ඇත. ඒ සඳහා යතුර වන්නේ පරීක්ෂා කිරීම, පරීක්ෂා කිරීම, පරීක්ෂා කිරීමයි!

Read More

ගම්පහ ශ්‍රී බෝධි පාර නිවාස සණස නිවාස සංකීර්ණය ඉදිරිපිට සංගීත සංදර්ශනයක් පැවැත්වූ නාවික හමුදා තූර්ය වාදක නැවියන් දෙදෙනෙකුද කොරෝනා ආසාදිතයින් බව තහවුරුවීම මත එම නිවාස සංකීර්ණයෙහි පදිංචි කරුවන්ගෙන් තොරතුරු විමසීමට ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ඊයේ (25) සවස පියවර ගනු ලැබීය.

Read More

ඇඳිරි නීතිය ලිහිල් කරමින් නිවසින් බැහැරවයන පුද්ගලයන් සම්බන්ධයෙන් රජය විසින් ජාතික හැඳුනුම්පත පදනම් කරගත් ක්‍රමයක් ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව පොදු ප්‍රවාහන සේවා ඔස්සේ ගමන් කිරීමට අවස්ථාව ලැබෙන්නේ අදාළ හැනුම්පත් අංක අනුවය.

Read More

හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පළමුවරට කොරෝනා ආසාධිත බවට තහවුරු වූ දෙදෙනකු අද (26දා) හමුවූ බව හම්බන්තොට දිස්ත්‍රීක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය දීපිකා පටබැඳිගේ මහත්මිය පැවසුවාය.

Read More

සමස්ත රෝගින් ගණන් 460ක් හේතුවෙන් තවමත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන නිශ්චිතම කොවිඩ් යැයි තහවුරු කළ රෝගීන් සංඛ්‍යාව 335කි.

Read More

ඊයේ රාත්‍රියේදී තවත් පුද්ගලයන් 8ක් කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු වී තිබේ.

Read More

’’වැඩකරන පුද්ගලයන් ආරක්ෂා කිරීමට සැලැස්මක් නැත්නම්, ආර්ථිකය විවෘත කිරීම ගැන කතා කළ යුතු නෑ.’’

Read More

සමාජ දුරස්ථකරණ සීමා කඩකරමින් මිතුරෙකුගේ බාබර් සාප්පුවක් විවෘත කරගෙන කොණ්ඩය කපාගෙනලු.

Read More

ඉරානයේ සමස්ත ආසාදිත අගය 89,328ක් වන අතර, මරණ සංඛ්‍යාව 5,650ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.

Read More

එක්සත් ජනපදය තුළ මේ වනවිට වෛරසය ආශ්‍රිත මරණ 53,694ක් වාර්තා වන බව ජෝන්ස් හෝපික්න්ස් විශ්වවිද්‍යාලය පවසයි.

Read More

ගෝලය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයන් මිලියන 3ක සීමාවට වේගයෙන් ළඟාවන බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.

Read More

එක්සත් රාජධානියේ රෝහල්වල මේ වන විට 20,000 කට අධික පිරිසක් නව කොරෝනා වෛරසය හේතුවෙන් මියගොස් ඇති බව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මෙම නාවික සෙබළා ඉකුත් 22දා නිවාඩු ලැබ නිවසට පැමිණ ඇති අතර 24 දින සිය කැමැත්තෙන් කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයට සුවසැරිය ගිලන් රථයෙන් ගොස් පී.සී.ආර්. පරීක්ෂණයට භාජනය වී ඇතැයි පොලීසිය පවසයි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාධිතයන් 03 දෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාධිතයන් 09 දෙනෙකුත වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

වැලිසර මහසෙන් නාවුක කදවුරේ සිට නිවාඩු ලබා කරුවලගස්වැව කුඹුක්කල්ල ප්‍රදේශයේ නිවසට පැමිණි සිටි නැවියා ඇතුළු පවුලේ හය දෙනෙකු පුත්තලම මුලික රෝහලේ කොරෝනා ඒකකයට රැගෙන ආ බව කරුවලගස්වැව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ඒ.එච්.එම්. ජේ.කේ. අබේරත්න මහතා පවසයි.

Read More

වැලිසර නාවික කඳවුරේ රාජකාරි කොට නිවෙස්වලට පැමිණි ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචි නාවික සෙබලුන් 08 දෙනෙකු හා එක් නාවික සෙබලකුගේ පවුලේ සාමාජිකයින් හතර දෙනෙකු පි.සි.ආර් පරික්ෂණවලට අද (25) දින ලක්කළ බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදනය වූ අනෙක් ජන කණ්ඩායම්වලට වඩා නාවික හමුදාව විනයෙන් හා සංවිධාන ශක්තියෙන් වැඩි හෙයින් තත්ත්වය පාලනය කිරීමට හැක බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පැවැසීය.

Read More

කෝවිඩ් - 19 ආසාධිතයන් සංඛ්‍යාව 440 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා.

Read More

කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට තහවුරු වූ නාවික හමුදා නිලධාරියකු පැමිණි බව කියන තංගල්ල බස් නැවතුම්පළේ පිහිටි ජංගම දුරකතන අලුත්වැඩියා කරන ස්ථාන දෙකකට ඉකුත් 22,23 සහ 24 දිනයන්හීදි පැමිණි අයවලුන් සිටි නම් හැකි ඉක්මනින් තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දැනුවත් කරන ලෙස එම කාර්යාලය කියයි.

Read More

මෙම ආසාදිතයන් හය දෙනාද සමග අද දිනය වනවිට කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාර්තා වී ඇති කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගෙන් සංඛ්‍යාව 11 කි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.