කෑස්බැව ව්‍යාපාරිකයා ඝාතනයේ සැකකරුවන් පැය 48ක් රඳවා ප්‍රශ්න කිරිමට අවසර
කැස්බෑව කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනය කර රන් භාණ්ඩ ,මැණික් හා මුදල් කොල්ලකෑමේ සිද්ධියට අත්අඩංගුවට ගත් හිටපු යුද්ධ හමුදා සෙබලා සහ අනෙක් සැකකරු කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 48 ක කාලයක් රදවාගෙන ප්‍රශ්න කිරීමට මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා අවසර ලබා දුන්නේය .
එම සැකකරුවන් දෙදෙනා හෙට දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වැඩිදුරටත් නියෝග කළේය.
මෙලෙස රදවා ගැනීමේ නියෝග ගනු ලැබුවේ ගිරිතලේ යාය 3 පදිංචි හිටපු යුද්ධ හමුදා සෙබලෙකු වූ රන්කොත් ගෙදර දිනේෂ් මහින්ද කුමාර (32) සහ ආරච්චි කට්ටුව ජූඩ් සුජිත් පීරිස් (25) යන දෙදෙනායි.
ඉකුත් 06 වෙනි දින කැස්බෑව මාවිත්තර ගුරු ගම්මාන පාරේ හෝටල් හිමිකරුවෙකු වූ ප්‍රසන්න සාගර කුමාර කෝටිපති ව්‍යාපාරිකයාගේ හිසට යකඩ පොල්ලකින් පහර දී ඝාතනය කර දේපල කොල්ල කෑම සම්බන්ධයෙන් සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි .
සැකකරුවන් දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවේ බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ අධිකරණ කටයුතු භාර උපපොලිස් පරීක්ෂක ලක්ෂ්මන් මහතා විසිනි.
බිමල් ෂ්‍යාමන් ජයසිංහ

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
