දේශපාලනය කරන රජයේ මාණ්ඩලික නිලධාරීන් ගැන විමර්ශන
පාර්ලිමේන්තු මැතිවරණය මූලික කර ගනිමින් දේශපාලන පක්ෂවලට, අපේක්ෂකයන්ගේ රැස්වීමවලට හා භෝජන සංග්රහවලට සහභාගි වූ දේශපාලන අයිතිවාසිකම් අහිමි රජයේ මාණ්ඩලික නිලධාරීන් පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
අධ්යාපන, සෞඛ්ය, කෘෂිකර්ම, මහවැලි ඉදිකිරීම් හා සමාජ සේවා, පළාත් පාලන හා පළාත් සභා යන අමාත්යාංශවල මාණ්ඩලික නිලධාරීන් දේශපාලන ප්රචාරක කටයුතුවලට හා භෝජන සංග්රහවලට සහභාගි වී තිබෙන බවට මැතිවරණ කොමිෂමට පැමිණිලි ලැබී තිබීම නිසා මෙම විමර්ශනය ආරම්භ කර ඇත.
මීට අමතරව දේශපාලන අයිතිවාසිකම් හිමි සහ අහිමි වූ මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ වන රාජ්ය නිලධාරීන් තම වෘත්තීයේ ස්වාධීන බව රැකගැනීමට ඍජු දේශපාලන කටයුතුවලින් මෙම කාලසීමාවේ ඉවත්ව සිටිය යුතු බවද මැතිවරණ කොමිෂම පවසා සිටියි.
එසේම දේශපාලන අයිතිවාසිකම් අහිමි නිලධාරීන්, මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් දේශපාලන පක්ෂ විසින් පවත්වන රැස්වීම්, වෘත්තීය සමිති රැස්වීම්, භෝජන සංග්රහවලට හා වැඩසටහන්වලට වෘත්තීය සමිති නායකයන් නියෝජිතයන් ලෙස හෝ සහභාගි නොවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
popular news
-
Deepal Nirosh Friday, 24 July 2020 11:17 AM
එතකොට මේ දේශපාලනයේ නිරතවන මැතිවරණ කොමිසමේ පාමාජිකයන් ගැන විමර්ශනයක් කරන්නෙ නැද්ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
