saravita-anim2

2026 පෙබරවාරි මස 19 වන බ්‍රහස්පතින්දා

2026 පෙබරවාරි මස 19 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 8989 hours ago

LATEST

දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන් ප්‍රවර්ධනයට චිත්‍රපට යොදාගත නොහැකියි

calendar_today 2020 ජුනි 30 - 22:12 remove_red_eye - 321  

දේශපාලන පක්ෂ සහ අපේක්ෂක ප්‍රවර්ධන සඳහා චිත්‍රපට යොදා ගැනීම වළක්වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් ජාතික චිත්‍රපට සංස්ථාව වෙත දැනුම් දී ඇත.

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයට රැගෙන ආ දොඹකර ගොඩබෑම ප්‍රමාද කිරීම හේතුවෙන් රුපියල් ලක්ෂ හාරසිය අසූවකට ආසන්න මුදලක් ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුව තිබෙන බව සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය සඳහන් කරයි.

Read More

ඉඩම් ලියාපදිංචියේ දි සිදුවන වංචා නතර කිරීමට සහ ලියාපදිංචි ක්‍රමවේදය වේගවත් කිරීමට ඉ-ඉඩම් (විද්‍යුත් ක්‍රමය) ලියාපදිංචිය කඩිනම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.

Read More

2011 ලෝක කුසලාන අවසන් මහා තරගය පාවාදීමේ චෝදනාව සම්බන්ධයෙන් විමර්ශන කටයුතු මෙහෙයවන ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පනත අනුව ස්ථාපිත විශේෂ පොලිස් විමර්ශන ඒකකය එවකට තේරීම් කමිටු සභාපති වශයෙන් කටයුතු කළ අරවින්ද ද සිල්වා මහතාගෙන් ඊයේ (30දා) ප්‍රශ්න කළේය.

Read More

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මැතිවරණ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශ කිහිපයක් මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් සිදුකරනු ලැබීය

Read More

ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමේ සිද්ධියට අදාළව ‘‘ඇවන් ගාඞ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඇතුළු විත්තිකරුවන් 08 දෙනෙකුට එරෙහි නඩුව ලබන සැප්තැම්බර් මස 02 වැනිදා සිට විභාග කිරීමට ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (30) තීරණය කළේය.

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ , ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 193 දෙනෙකු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් ඩුබායි සිට අද (30) දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

පාර්ලිමේන්තු යවන්නේ කවුද?

Read More

අද (30) සවස 5.00වන විට තවත් කොවිඩ් ආසාදිතයන් පස්දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

Read More

අරන්තලාවේදී භික්‍ෂු වහන්සේලා 31 නමක් ඉතා අමානුෂික අන්දමින් ඝාතනය කිරීමට සම්බන්ධවී දැනට ජීවතුන් අතර සිටින ත‍්‍රස්තවාදීන්ට එරෙහිව වහාම පරීක්‍ෂණයක් සිදුකරන්නැයි ඉල්ලමින් එම භික්‍ෂු වහන්සේලා අතර සිට දිවි ගලවාගත් භික්‍ෂු වහන්සේ නමක් ශ්‍රේෂ්ඨාධිකරණයට අද (30) මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළහ.

Read More

කුවේට්හි සල්වා ප්‍රදේශයේ ශ්‍රී ලාංකිකයෙක් විසින් පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදන ස්ථානයක් එරට ආරක්ෂක අංශ වටලා තිබේ.

Read More

කොන්ක‍්‍රීට් කළ අතුරු මාර්ගයකට අදාළ වියදම් ඇස්තමෙන්තුව සකස් කරදීම සඳහා කොන්ත‍්‍රාත්කරුවකුගෙන් රුපියල් 8000/-ක අල්ලසක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාවන්ට වරදකරුවු යක්කලමුල්ල ප‍්‍රාදේශිය සභාවේ හිටපු තාක්‍ෂණික නිලධාරියාට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා වසර 12ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.

Read More

සහසිකයින් පිරිසක් අතින් ඝාතනයවුණු ඉදුරුව මහ ඉදුරුව ගල්කන්ද විජයධම්ම පිරිවෙන් විහාරාධිපති විනයාචාර්‍ය යටියන බුද්ධානන්ද හිමියන්ගේ අවසන් කටයුතු අනිද්දා (2 ) පැවැත්වෙන බව විහාරස්ථ දායක සභාව සඳහන් කරයි.

Read More

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත මහතා පොලිස් සුබ සාධන කොට්ඨාසය වෙත මාරු කර තිබේ.

Read More

කොවිඩ් 19 වසංගතයෙන් ආරක්ෂාවීමට හොඳම තැන ඡන්ද මධ්‍යස්ථානය බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.

Read More

සමස්තයක් ලෙස ගත්විට මෙවර මැතිවරණයේදී රාජ්‍ය දේපළ භාවිත කිරීම් සිදුව නොමැති බවත් තර්ජන කිරීම් නොමැති බවත් ඔහු සඳහන් කළේය. එසේම රාජ්‍ය ආයතනවල කටවුට් නොමැති බවත් රජ්‍ය මාධ්‍ය සම්බන්ධයෙන් බරපතල පැමිණිලි නොමැති බවත් ඔහු සඳහන් කළේය.

Read More

මුලතිව් දිස්ත්‍රික්කයේ ධීවර ජනතාවගේ ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමේ හමුවක් මුලතිව් කයිතුරොයිපටිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදි ධීවර සංගම් නියෝඡිතයන් හා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි.

Read More

ප්‍රේමදාස න්‍යාය පැහැදිලිව එක්සත් ජාතික පක්ෂය විසින් පිළිඅරගෙන තිබෙනවා මිනීමැරුම් සංස්කෘතිය මේ රටට හඳුන්වාදුන්නේ ප්‍රේමදාස මහත්තයා ඇතුළු එක්සත් ජාතික පක්ෂය බව හම්බන්තොට දිස්ත්‍රීක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

Read More

සෞඛ්‍ය අංශයේ සේවකයන් වෙනුවෙන් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අමතර දිනයක් වෙන්කර ඇති බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.

Read More

පක්ෂ නායකයන් සහභාගීවන දේශාපාලන රැස්වීමකට සහභාගිකර ගත හැකි සංඛ්‍යාව 500ක් දක්වා වැඩි කිරීමට දේශපාලන පක්ෂ ඉල්ලීමක් කර ඇතැයි දැනගන්නට ඇති බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

Read More

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් මෙවර මැතිවරණය අනිවාර්යයෙන්ම පවත්වන බවත් එහෙත් ලෝකය කැරකීම නැවතුණහොත් හෝ හිමින් කැරකුණහොත් පමණක් මැතිවරණය නොපැවැත්වෙන බවත් ඔහු ප්‍රකාශ මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.

Read More

මූල්‍ය සමාගම් සහ ලීසිං සමාගම් මගින් සිදුකරන අක්‍රමිකතා පිළිබඳ මහජන අදහස්, යෝජනා සහ පැමිණිලි බාර ගැනීම අදින් අවසන් වෙයි.

Read More

තේ වතු ආශ්‍රිතව සැරිසරන පැන්තරා පාදුස් වර්ගයේ ශ්‍රි ලංකාවට පමණක් ආවේණික වු කොටියන් සහ වනසතුන් ආරක්ෂා කර ගැනිමට වතු අධිකාරිවරුන් සමග වනජිවි දෙපාර්තමේන්තුව දියත් කර ඇති මදු ගැලවිමේ ව්‍යාපෘතිය සාර්ථකව සිදු කරමින් සිටින බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ වනසත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.

Read More

කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා විදුලි බිල්පත් නිසියාකාරව නොලැබීම හා ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසුව විදුලි ගාස්තු වැඩි යැයි කියමින් මහජනතාවගෙන් තමන්ට දිනපතා දුරකථනය මගින් පණිවුඩ ලැබෙන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

Read More

එමෙන්ම දෛයිනික ආදායම් ලබන් පවුල් සඳහා පසුගිය කාලයේ සඳහන් කළ ආකාරයෙන් රුපියල් 20,000ක දීමනාව ලබා දීමට කටයුතු කරන බවද ඔහු ප්‍රකාශ කළේය.

Read More

අගොස්තු මස 05 දා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ ඡන්දය ගණන් කිරීමේ කටයුතු 06 දා උදෑසන 08.00ට ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද පවසයි.

Read More

කොවිඩ් 19 වසංගත තත්ත්වය වළක්වා ගැනීම සඳහා සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම, හා මාර්ග තදබදය වලක්වා ගැනීම හා රාජ්‍ය හා පුද්ගලික සේවය කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම අරමුණු ඇතිව පුද්ගලික හා රාජ්‍ය අංශයන්හි කාර්යාල ආරම්භ කරන හා අවසන් කරන වේලාවන් සංශෝධනයට කිරීමට රජය විසින් තීරණය කර තිබේ.

Read More

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් බිද වැටී ඇති මෙරට සංචාරක කර්මාන්තය නංවාලීමට සහාය ලබා දෙන බවට ජාත්‍යන්තර මූල්‍ය ආයතන හා විදෙස් තානාපතිවරු සහතික වෙති.

Read More

ද්විපාර්ශ්වික අවශ්‍යතා පිළිබඳ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ අතර දුරකතන සාකච්ඡාවක් පවත්වා තිබේ. ඊයේ (29දා) මෙම සාකච්ඡාව පවත්වා තිබේ. .

Read More

මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් 33 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.