කුවේට්හි සල්වා ප්රදේශයේ ශ්රී ලාංකිකයෙක් විසින් පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදන ස්ථානයක් එරට ආරක්ෂක අංශ වටලා තිබේ.
ආරක්ෂක ආරංචි මාර්ගයකට අනුව රාත්රී රාජකාරියේ යොදවා සිටි ආරක්ෂක මුර සංචාරයේ යෙදී සිටි ආරක්ෂක සාමජිකයෙක් පුද්ගලයෙක් බෑගයක් රැගෙන යන අයුරු දැක අතර ඉන් අනතුරුව ශ්රී ලාංකිකයා අදාළ බෑගය විසිකර ගොඩනැගිල්ලකට දිව ගොස් තිබේ.
ඒ අනුව ආරක්ෂක නිලධාරීන් අවසර ලබාගෙන මහල් නිවාසයට ඇතුළු වී තිබේ. පසුව ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර සිදුකළ සෝදිසි මෙහෙයුමකදී නීතිවිරෝධී මත්පැන් බැරල් 39ක් හා ඒවි පෙරීමට ගන්නා උපකරණ පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
