කොවිඩ් 19 වසංගතය හේතුවෙන් බිද වැටී ඇති මෙරට සංචාරක කර්මාන්තය නංවාලීමට සහාය ලබා දෙන බවට ජාත්‍යන්තර මූල්‍ය ආයතන හා විදෙස් තානාපතිවරු සහතික වෙති.
ඉදිරියේදී ඒ සදහා අවශ්‍ය මූල්‍ය සහ වෙනත් සහයෝගයන් ලබාදීමට ඒ අනුව ඔවුහු එකඟතාවය පළ කළහ.
මෙම එකඟතාවය පළ වුණේ කොවිඩ් 19 හේතුවෙන් බිද වැටී ඇති මෙරට සංචාරක කර්මාන්තය නංවාලීමේ ක්‍රියාමාර්ග පිළිබද රජයේ නියෝජිතයන්, තානාපතිවරුන් හා ඔවුන්ගේ නියෝජිතයන් අතර ඊයේ (29) පැවති වටමේස සාකච්ඡාවකදී ය.
මෙම වටමේස සාකච්ඡාවන් සදහා ලෝක බැංකුව වැනි මූල්‍ය ආයතන නියෝජිතයෝත් කැනඩාව, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය වැනි රටවල් රැසක නියෝජිතයෝ සහභාගී වූහ.
කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙම වට මේස සාකච්ඡාව සදහා සුබ පැතුම් පණිවිඩයක් එවමින් සදහන් කළේ කොවිඩ් 19 වසංගතයෙන් පසුව ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ආරක්ෂිත හා නම්‍යශීලි ලෙස ඉදිරියට ගෙන යාමට රජය කටයුතු කරමින් සිටින බවයි.
ඒ සදහා අමාත්‍යාංශය හා සංචාරක සංවර්ධන අධිකාරිය, එක්සත් ජාතීන්ගේ වැඩසටහනේ ද සහභාගීත්වයෙන් මාර්ග සිතියමක් සකස් කරමින් තිබේ. සංචාරක ක්ෂේත්රයේ වත්මන් තත්ත්වය මෙන්ම ගත යුතු පියවරයන් ද ඒ සදහා එල්ල විය හැකි බලපෑම් පිළිබද තක්සේරුවක් ද සහිතව මෙම මාර්ග සිතියම සකස් කෙරෙමින් පවතින බව ඇමතිවරයා කියයි.
ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩසටහනට එවා තිබු සුබපැතුම් පණිවිඩයේ මෙසේ ද සදහන් විය.
“ සංචාරක ක්ෂේත්රය ශ්‍රී ලංකා ආර්ථිකයේ වැදගත් අංශයක්. එය මෙරට දළ දේශීය නිෂ්පාදිතයේ 5% ක ආදායමක් ලබා දෙනවා. සෘජු රැකියා අවස්ථා 250,000 ක් වගේ වක්‍ර රැකියා අවස්ථා මිලියන 02 ක් මෙමගින් සපයා තිබෙනවා. කොවිඩ් 19 වසංගතය පැතිරීමත් සමග සංචාරක ක්ෂේත්රය දැඩි පීඩාවකට ලක් වුණා. ලැබී ඇති දත්ත අනුව 2020 වර්ෂයේ මුල් කාර්තුව තුළ සංචාරකයන්ගේ පැමිණීම ඉතා ශීඝ්‍ර ලෙස පහළ වැටී තිබෙනවා. 2019 හා සැසදීමේ දී එය 60% ක 80% ක පමණ අවපාතයක් බවයි ලෝක සංචාරක සංවිධානය පවසන්නේ.
සංචාරක ව්‍යාපාරයට කොවිඩ් 19 නිසා සිදු වූ බලපෑම සුළුපටු නෑ. මේ නිසා බිද වැටී ඇති සංචාරක ව්‍යාපාරය නංවාලීමට අප මහත් වෙහෙසක් දරනවා. ඒ සදහා සැලසුම් හා ඉලක්ක දැනටමත් සකස් කර ඇත. එහි එක් පියවරක් තමයි සංවර්ධන ක්ෂේත්රය දියුණු කිරීමට අදාළ මාර්ග සිතියමක් සැකසීම. ඒ අනුව සංචාරක කර්මාන්තය නව මානයකට ගමන් කරනු ඇත. ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීම හරහා පමණයි අපට ඒ අර්බුදයෙන් මිදෙන්න පුළුවන්. ඒ සදහා ඔබ සියලු දෙනාගේ පූර්ණ සහාය ශ්‍රි ලංකා රජය අපේක්ෂා කරනවා.”
