saravita-anim2

2026 පෙබරවාරි මස 19 වන බ්‍රහස්පතින්දා

2026 පෙබරවාරි මස 19 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 8986 hours ago

LATEST

SIU හෙට සංගක්කාර කැඳවයි

calendar_today 2020 ජුලි 01 - 14:19 remove_red_eye - 569  

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පාවාදීමේ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට එවකට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ කුමාර් සංගක්කාර මහතා ක්‍රීඩා වැරදි පිළිබඳ විශේෂ පොලිස් විමර්ශන ඒකකයට හෙට (02දා) කැඳවීමට නියමිතය.

රටේ සංවර්ධනයට සහ ජන ජීවිතය නැංවීමට ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදි උතුර සහ දකුණ කියා වෙනසක් නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වු 1126 භාණ්ඩ ප්‍රවාහන දුම්රිය අඹේවෙල සහ පට්ටිපොළ දුම්රිය ස්ථාන දෙක අතර පිළි පැනිමට ලක් විම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු වලට බාධා පැමිණ ඇති බව දුම්රිය පාලක මැදිරිය පැවසිය.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 37 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

මෙවර මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් පොදුජන පෙරමුණ යටතේ තරඟ කරන බන්දුල ගුණවර්ධන මහතාගේ සම නිෂ්පාදනයක් වූ ’’ද නිවුස් පේපර් ’’ නැමති චිත්‍රපටය මඟින් අපේක්ෂකත්ව ප්‍රවර්ධනයක් සිදුවන බව කැෆේ සංවිධානය මැතිවරණ කොමිසම වෙත දැනුම් දෙයි.

Read More

නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු ශ්‍රි ලංකා වරාය අධිකාරිය මගින් පමණක්ම ක්‍රියාත්මක කරන ලෙස හා රැගෙන ආ ග්‍රැන්ටි දොඹකර ECT පර්යන්තයේ ගොඩ බෑම සිදු කරන ලෙස ඉල්ලා එහි සේවකයින් තිදෙනෙක් විසින් අඛන්ඩ වෘත්තීය ක්‍රියමාර්ගයක් වරාය පරිශ්‍රයේ ආරම්භ කර ඇත.

Read More

විදේශ රැකියාවල නිරත වී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ඉදිරි සුබසාධන කටයුතු සැලසුම් කිරීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් තොරතුරු සංගණනයක් ආරම්භ කර ඇත.

Read More

වේදිකා නාට්‍ය ප්‍රදර්ශනය හා වෙනත් ප්‍රසංග සඳහා රංග ශාලාවන්හි ආසන ධාරිතාවයෙන් 50%ක් සඳහා වන ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවක් පමණක් ඒක් දර්ශන වාරයකට සහභාගි කරවිමේ සිමාවට යටත්ව ජුලි 15 වන දින පටන් රංග ශාලාවන් විවෘත කිරිමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් උපදෙස් දි තිබේ.

Read More

වව්නියාව සෙට්ටිකුලම් තුඩරික්කුලම් ප්‍රදේශයේදී දුම්රිය හරස් මාර්ගයකදී අද (01) උදෑසන ධාවනය වූ ත්‍රී රෝද රථයක් දුම්රියේ ගැටීමෙන් එක් අයෙකු මිය ගොස් අති බවට සෙට්ටිකුලම් පොලීසිය පවසයි.

Read More

ගත වූ දින 24 ක් තුළ දිවයින පුරා කළ මෙහෙයුම්වලින් මත්ද්‍රව්‍යවලට සම්බන්ධ සැකකරුවන් 10 968 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

දුරගමන් සේවාවල යෙදී කොළඹට පැමිණෙන පුද්ගලික බස් රථ රියැදුරුවරුන් හා කොන්දොස්තරවරුන්ට ඔවුන්ගේ ඊළග ගමන්වාරය තෙක් විවේක ගැනීම සඳහා සුදුසු ස්ථානයක් නොවීය.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිත නාවික හමුදා සෙබළුන් දස දෙනෙක් සුවය ලැබීමත් සමග වෛරසය ආසාදනය වී සිට සුවය ලැබූ ගණන 842 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

කොළඹ වරායේ නැංගුරම් ලා ඇති විදේශීය රටකට අයත් නැවක සේවය කිරීම සදහා රෝමයේ සිට විදේශීය නාවිකයන් 155 දෙනෙකු අද (1) දින උදෑසන මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙන බව එම ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේය .

Read More

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන උපුල් තරංග, කී‍්‍රඩා වැරදි සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන විශේෂ ඒකකය වෙත අද (01) කැඳවා තිබෙනවා.

Read More

කොරෝනා වසංගතය හේතුවෙන් වසා දමා තිබූ සීගිරිය මාස තුනකට පසුව නැවතත් අද ( 01) දින දෙස් විදෙස් සංචාරකයන් සඳහා විවෘත කිරීම සිදු කෙරෙන ලදී.

Read More

ලොවපුරා හදිසියේ පැතිර ගිය කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විවිධ රටවල රැදී සිට , මෙරටට ගෙන්වා ගත් ශ්‍රී ලාංකිකයන්ට ඔවුන්ට හිමි තීරු බදු රහිත භාණ්ඩ මිලදී ගැනීමේ අවස්ථාව අහිමි වී පැවති බවත් , එහෙත් ඔවුන්ට එම අවස්ථාව යළි උදා කර දෙන බවත් සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි මහතා පැවසීය .

Read More

හම්බන්තොට මහ රෝහල තුල ස්ථාපිත කරන ලද කොරෝනා රෝගී ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ covid 19 අසාදනයවී සිටි සියලු රෝගීන් සුවවී අද (01) දින රෝහලින් පිටව යන ලදී.

Read More

විදුලිය නීතිවිරෝධීව ලබා ගන්නා පුද්ගලයින් නීතියේ රැහැනට කොටු කර ගැනිම සඳහා සිදු කරන වැටලීම් වැඩි කරන්නැයි විදුලි බලශක්ති හා ප්‍රවාහන කළමනාකරණ සේවා අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා විදුලි බල මණ්ඩලයට උපදෙස් දී තිබිණි.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව කටාර් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 264 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් දෝහා නුවර සිට අද (1)දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

ප්‍රවීණ ලේඛිකා සිබිල් වෙත්තසිංහ මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී අභාවප්‍රාප්තවූ වි ඇත.

Read More

’’එය ඔබේ නිදහස යටපත් කිරීමක් නොවෙයි. එය සැබවින්ම අපගේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා වූ ඵලදායී මාර්ගයක්. එය ඔබගේ පහසුව සහ නිදහස ඔබට ළඟාකර දෙනු ඇති. කරුණාකර මුඛ ආවරණයක් පලඳින්න.’’

Read More

[LONG READ] ’කසළ’ ලෝකයේ බොහෝ රටවලට සම්පතකි. කසළ ප්‍රතිචක්‍රීකරණය මගින් ඔවුහු මුදල් උපයති. පාරිසරිකව සහ සමාජයීය වශයෙන් ඇතිවිය හැකි අවදානම සීමා කරයි. එහෙත් අප රටෙහි කටයුතු පවතිනුයේ ඊට හාත්පසින්ම වෙනස් පසුබිමකය. මෙරට කසළ සමහර අතරමැදියන්ගේ අතමිට සරුකරන විට දුෂ්කර නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශවල ජනයාගේ ජීවිත අවුල් වියවුල් කොට ඇත.

Read More

බ්‍රසීල ජාතිකයන් වැඩි පිරිසක් නිවසේ රැඳී සිටීමේ නියෝග කඩන බව හෙළිවන අතර, ගෙවීගිය දිනයේ කොවිඩ්-19 මරණ 1,280ක් සහ ආසාදිතයන් 33,846ක් වාර්තා වී තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා සතුරුකම් නතර කරන ලෙස රටවල්වලින් ඉල්ලා සිටීම යෝජනාවේ අරමුණ වී තිබේ.

Read More

ඇමෙරිකාවෙන් දෛනිකව ආසාදිතයන් 40,000ක් ඉක්මවන අතර, ඉන්දියාවෙන් දෛනිකව ආසාදිතයන් 20,000ක් ඉක්මවයි.

Read More

’’ජනතාව මේ සම්බන්ධයෙන් නොසැලකිලිමත් වෙමින් සිටින ආකාරය දකින්න පුළුවන්. නීති උල්ලංඝනය කරන්නන් අප වැළැක්විය යුතුයි.’’ අගමැතිවරයා අවධාරණය කරයි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂකවරයා අනතුරු අඟවන්නේ රටවල්, ප්‍රාන්ත සහ නගරවල කොරෝනා සීමා ලිහිල් කිරීමේ ක්‍රියාමාර්ග ඉක්මන් කිරීමට යෑමෙන් නව කොරෝනා ආසාදිතයන් පිරී ඉතිරී යා හැකි බවයි.

Read More

එක්සත් ජනපදයේ ඉහළ බෝවන රෝග විශේෂඥ ඇන්තනි ෆවුසි පවසන්නේ දැනටමත් දිනකට ආසාදිතයන් 40,000ක් වාර්තා වන බවයි.

Read More

ඇයට කිසිදු රෝග ලක්ෂණයක් නොතිබූ අතර කොරෝනා වෛරසය සඳහා සෘණාත්මක ලෙස පරීක්‍ෂා කළ නමුත් නිවසේදී නිරෝධායනය වීමට ඉල්ලා තිබුණි.

Read More

2005 වසරේදී එල්.ටී.ටී.ඊ. සංවිධානයට රුපියල් මිලියන 200ක මුදලක් ලබාදී උතුරු නැගෙනහිර ජනතා පරමාධිපත්‍ය බලය පවා උදුරාගත් වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද වන විට කරුණා අම්මාන සුපිරිසිදු චරිතයක් බවට පත් කිරීමට උත්සාහ දැරීම කනගාටුවට කරුණක් බව එක්සත් ජාතික පක්ෂ නියොජ්‍ය මහ ලේකම්, හිටපු රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.