කොවිඩ් 19 වසංගතයෙන් ආරක්ෂාවීමට හොඳම තැන ඡන්ද මධ්‍යස්ථානය බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. ඒ අනුව කිසිවෙකුත් ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද පොළට පැමිණීමට බියවිය නොයුතු බවත් ඔහු සඳහන් කළේය.
මේ අතර මෙවර මැතිවරණයේ වියදම රුපියල් කෝටි 1000කට වඩා අඩුවෙන් තබා ගැනීමට හැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු සඳහන් කළේය.
"රුපියල් කෝටි 1000කට අඩුවෙන් තබා ගන්න පුළුවන් වුණොත් ජයග්‍රහණයක්. ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන්." යැයි ඔහු පැවැසීය.