තේ වතු ආශ්‍රිතව සැරිසරන පැන්තරා පාදුස් වර්ගයේ ශ්‍රි ලංකාවට පමණක් ආවේණික වු කොටියන් සහ වනසතුන් ආරක්ෂා කර ගැනිමට වතු අධිකාරිවරුන් සමග වනජිවි දෙපාර්තමේන්තුව දියත් කර ඇති මදු ගැලවිමේ ව්‍යාපෘතිය සාර්ථකව සිදු කරමින් සිටින බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ වනසත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.
තේ වතු ආශ්‍රිතව ජිවත් වන වතු කම්කරුවන් අමතර ආදායමක් ලබා ගැනිම සදහා වතු නිවාසවලට යාබදව සහ තේ වතු ආශ්‍රිතව තිබෙන රක්ෂිත යාබදව පිහිටි මුඩු ඉඩම් වල එළවළු වගා කරන බවත් , එළවළු වගා විනාශ කරන වල් ඌරන්ගෙන් වගාව ආරක්ෂා කර ගැනිම සදහා අටවනු ලබන මදු වලට කොටියන් හසු වන බවයි ප්‍රභාෂ් කරුණාතිලක මහතා කියා සිටින්නේ.
වල් ඌරන් දඩයම් කිරිම සදහා වල් ඌරන් සහ වනසතුන් ගමන් කරන මාර්ග ඔස්සේ කොටියන් ඉව අල්ලමින් රාත්‍රි කාලයේ සැරි සරන බවත්, එම මදු වලට කොටියන් මෙසේ හසු වන බවයි ප්‍රභාෂ් කරුණාතිලක මහතා කියාසිටින්නේ.
වතු කම්කරුවන් කොටියන් දඩයම් කිරිම සදහා මදු අටවන්නේ නොමැති බවත්, 2020 වසරේ පමණක් නල්ලතන්නිය වනජිවි කලාපය තුල කළු කොටියා ඇතුළු පන්තරා පාදුස් වර්ගයේ කොටියන් හය දෙනෙකු මදු වලට හසුවි සිටි බවත් , ඉන් කොටියන් තිදෙනෙකු බේරා ගත් බවත් , කළු කොටියා සහ තවත් කොටින් දෙදෙනෙක් මිය ගිය බවද ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.
තම වගාවන් වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනිමට වගා භුමිය වටා කම්බි වැටක් හෝ සුදු ඉටි රෙදි ඇදිමෙන් එළවළු වගාව තරමක් දුරට ආරක්ෂා කර ගැනිමට හැකි බවත් , පෙන්වාදෙන ප්‍රභාෂ් කරුණාතිලක මහතා කියාසිටින්නේ තේ වතු ආශ්‍රිතව වගා භුමි අවට අටවා තිබු මදු විශාල ප්‍රමාණයක් මේ වන විට ගලවා ඉවත් කර ඇති බවයි.
මේ සදහා වතු අධිකාරිවරුන්ගෙන් නොමද සහයෝගයක් ලැබෙන බවත් , තම කාර්යාලයේ නිලධාරින්ද තේ වතුවලට ගොස් වතු කම්කරුවන් හා වතු අධිකාරිවරුන් දැනුවත් කිරිමේ වැඩසටහන් තවදුරටත් ක්‍රියාත්මක කරන බව ප්‍රභාෂ් කරුණාතිලක මහතා වැඩිදුරටත් පැවසිය.
