හම්බන්තොට මහ රෝහල තුල ස්ථාපිත කරන ලද කොරෝනා රෝගී ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ covid 19 අසාදනයවී සිටි සියලු රෝගීන් සුවවී අද (01) දින රෝහලින් පිටව යන ලදී.
දිවයිනේ කොරෝනා රෝගීන්ගේ ප්‍රමාණය වැඩිවීමත් සමඟ පසුගිය මැයි මස 28 වනදා හම්බන්තොට පැරණි රෝහල තුල කොරෝනා රෝගීන් සදහා ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කල අතර එහිදි කුවේට් සිට පැමිණ ත්‍රිකුණාමල නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි කාන්තාවන් 108 දෙනෙකු ඇතුළු තවත් පිරිසක් covid 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ හම්බන්තොට රෝහල වෙත රැගෙන විත් මෙසේ ප්‍රතිකාර ලබා දීම ආරම්භ කරන ලදී.
කෙසේ නමුත් විටින් විට රෝගීන්ගේ සුව වීමේ ක්‍රමය අනුව රෝගීන් රෝහලින් පිටත්කර හැරීමට කටයුතු කළ බවත් ඉතිරිව සිටි රෝගීන් 67 දෙනාම මේ ආකාරයෙන් අද( 01) දින නව චක්‍රලේඛය අනුව රෝහලෙන් පිටත්කරවීමේ හැකියාව තිබුණ බව හම්බන්තොට මහරෝහලේ covid 19 වට්ටුව බාර කායික රෝග විශේෂඥ වෛද්‍ය සුදිර ප්‍රබාත් ප්‍රනාන්දු මහතා කියා සිටියේය .
මේ රෝගීන් සියලුදෙනා රෝගය සුවවෙලා මාසයක් අපිත් එක්ක ඉදල යන්නේ මේ අයගෙන් තවකෙනෙකුට කිසිසේත් රෝගය බෝවෙන්නේ නැ. මේය ගම්වලට ගියාම අනිසි බියක් කිසි කෙනෙකු ඇතිකර ගත යුතු නෑ ,අපෙන් ලැබුණු සත්කාරය මේ අයට ගමෙනුත් ලබාදෙන්න කියල අපි ඉල්ලා සිටින බව කායික රෝග විශේෂඥ ලක්මාල් විතානගේ මහජනතාවගෙන් ඉල්ලා සිටි
