saravita-anim2

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 9117 hours ago

LATEST

පළාත් කිහිපයකට වැසි තත්ත්වයක්

calendar_today 2020 අගෝ 09 - 16:29 remove_red_eye - 189  

සබරගමුව ,මධ්‍යම,බස්නාහිර ,දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇති වේ.

අලුත්ගම විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් කණ්ඩායමක් අද(09) සවස එම කදවුරු බල ප්‍රදේශයට අයත් කනාන ප්‍රදේශයේ දීර්ග කලක පටන් සිදු කරන ලද හෙරොයින් සහ නීති විරෝධි මත් පැන් අලෙවි කිරීමේ ජාවාරමක් වැටලූ බව කියයි.

Read More

අපේ ජන බල පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පාර්ලිමේන්තුවට පිවිසීමට නියමිත බව වාර්තා වෙයි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලැබූ අතිවිශිෂ්ට මහ මැතිවරණ ජයග්‍රහණයත් සමගින් ඇරඹෙන්නේ ‘ගෝඨාභය දශකය’ බවත් නව ජනමතය නිවැරදිව වටහාගෙන එයට ගෞරවයක් වන ආකාරයට කටයුතු කිරීමේ අභියෝගය නව ආණ්ඩුවෙහි සියලුදෙනා හමුවෙහි පවතින බවත් එම අභියෝගය තමන් ඇතුළු ජාතික නිදහස් පෙරමුණෙහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 06 දෙනා ඉතා සතුටින් භාර ගන්නා බවත් එම පෙරමුණෙහි නායක විමල් වීරවංශ මහතා පවසයි.

Read More

මහ මැතිවරණයේදී ජයග්‍රහණය ලබමින් ශ්‍රී ලංකාවේ අභිනව අග්‍රමාත්‍ය ලෙස දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ මහතා වෙත චීන අග්‍රාමාත්‍ය ලී කෙකියැං සුබ පැතුම් එක්කර තිබේ.

Read More

ජනාධිපතිවරයා හා අගමැතිවරයා‍ ප්‍රමුඛ අපේ රජය පසුගිය මාස කිහිපය තුල මේ රට පාලනය කර ආකාරය සම්බන්ධයෙන් ජනතාව තුල ඇති වු විශ්වාසය සදහා ලබා දුන් සහතිකයක් මෙවර පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිළුලය සමඟ ලැබී ඇති බව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

Read More

හෙට (10) දිනයේ සිට දිවයිනේ සියලු පාසල් අධ්‍යයන කටයුතු සඳහා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

මහ මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලබාගත් ජයග්‍රහණය සම්බන්ධයෙන් චීන ජනපති ෂී ජින්පිං මහතා සුබ පැතුම් එක්කර තිබේ.

Read More

තවත් කෝවිඩ් - 19 රෝගීන් තිදෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

Read More

අද (09) අලුයම් කාලයේ මහනුවර නගරයට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමග ලංකා බැංකු ප්‍රධාන ගොඩනැගිල්ලේ වාහන අංගනය අසල ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථාන රාශියක් ජලයෙන් යට වී තිබෙන අයුරු දැකගත හැකි විය .

Read More

බොරැල්ල පොලිස් වසමේ රුහුණු කලා මාවතේ දී බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 08යි මිලිග්‍රෑම් 450ක් සමග සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

මස්කෙලිය නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු අද (09) දින උදැසන 10 සිට සම්පුර්ණයෙන්ම ඇණහිට ඇති බව නල්ලතන්නිය පොලීසිය පැවසිය.

Read More

අමුත්තන්ට බන්ධනාගාරගත රැඳවියන් බැලීමට යළි අවස්ථාව ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

Read More

දිවයින වටා මුහුදු ප්‍රදේශ කිහිපයක අද (09) දිනයේ සුළඟේ වේගය තරමක් ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

නව අමාත්‍යවරුන් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග සමීපව වැඩ කිරීමට එක්සත් ජනපදය උනන්දුවෙන් යුතුව බලාපොරොත්තුවන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති එලයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය පවසයි.

Read More

අගෝස්තු මස 05 දා පැවැති පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කරමින් පාර්ලිමේන්තුට ඡන්දයෙන් පත්වූ මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

Read More

යාපනය චාවකච්චේරී තෙන්මරාච්චි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී නිමා වූ මැතිවරණයේදී ප්‍රතිඵල ප්‍රකාශනයේදී දෙමළ ජාතික සන්ධානයේ අපේක්ෂිකාවක් වූ ශෂිකලා රවිරාජ් මහත්මියට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් විරෝධතාවක් ඊයේ (08) දින සංවිධානය කොට තිබුනි.

Read More

ගෝඨාභය - මහින්ද සුසංයෝගයෙන් යුත් නව රජය ලෝකයේ ඉහළට ම ඔසවා තබනු ඇති බවත් ඉදිරි පස් වසරක කාලය රට සංවර්ධනයේ ස්වර්ණමය යුගය වනු ඇති බවටත් ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග මහතා විශ්වාසය පළ කරයි.

Read More

විදේශයන්හි සිට ශ්‍රී ලාංකිකයන් දාහකට අධික පිරිසක් අද (09දා) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

Read More

වනඅලියෙකු දුම්රියේ ගැටිම හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වි තිබේ.

Read More

සුලි සුළඟින් විනාශ වූ ගම්පහ දොරණාගොඩ ප්‍රදේශයේ නිවාස වලට රජයෙන් වන්දි මුදලක් ලබා දීමට පියවර ගැනේ. ඒ සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් ඉටු කරන ලෙස ඇමති ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

Read More

අම්බලන්ගොඩ පොලිස් වසමේ ආඳාදොල හන්දියේ දී කැපුම් තුවාල සහිතව වැටී සිටි පුද්ගලයෙකු බලපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

Read More

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය. ඔහු මෙවර අගමැති ධුරයේ දිවුරුම් දුන්නේ සිවුවැනි අවස්ථාවටය.

Read More

නව කැබිනට් මණ්ඩලය ලබන 14 දා ඓතිහාසික මහනුවර මඟුල් මඩුවේදී දිවුරුම් දීමට නියමිත බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

Read More

කොවිඩ්-19 නිසා විදේශයන්හි අතරමංව සිටින ඉන්දියානුවන් යළි සිය රටට ගෙන්වා ගැනීමේ මෙහෙයුමේදී මෙම අනතුර සිදුව ඇති අතර, තුවාලකරුවන්ගෙන් එක් අයෙකු කොරෝනා වෛරසයට ගොදුරු වූවෙකු බවද කියයි.

Read More

දේශීයව සම්ප්‍රේෂණය වී ඇති ආසාදිතයන් 15 දෙනාම වයඹදිග චීනයේ ෂින්ජියැන් කලාපයේ පිරිසකි. සෙනසුරාදා ආසාදිත කිසිදු මරණයක් වාර්තා වී නැති අතර, කොවිඩ්-19 රෝගීන් 45 දෙනෙකු රෝහල්වලින් මුදා හැර තිබේ.

Read More

එරට මිලියන 210ක ජනතාවක් මැයි අග සිට මේ දක්වා වසංගතයෙන් දිනකට මරණ 1,000කට වඩා වැඩි සංඛ්‍යාවක් වාර්තා කර ඇති අතර, තහවුරු කර ඇති ආසාදිතයන් සංඛ්‍යාව 3,012,412ක් බව කියයි.

Read More

ඇමෝනියම් නයිට්රේට් තොගයක්, 2014 සිට කිසිදු පූර්වාරක්ෂාවකින් තොරව වරායේ ගබඩා කර තිබීමෙන් ඇති වූ පිපිරීමට පාලක පක්ෂය සෘජුවම වගකිව යුතු බව පැවසූ විරෝධතාකරුවන්ගේ ප්‍රධාන ඉල්ලීම රජය ඉල්ලා අස්වීමය.

Read More

ඇමෙරිකාවේ සෑම පදිංචිකරුවන් 66 දෙනෙකුගෙන් එක් අයෙකු ආසාදනය වී ඇති අතර, 160,000ක් ඉක්මවූ රටේ සමස්ත මරණ සංඛ්‍යාව, ලෝකයේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවෙන් හතරෙන් එකක් තරම් ප්‍රමාණයකි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 19,497,292ක් ඉක්මවා ඇති අතර, වෛසය පිටුදැකීම සඳහා ලෝකයට යා යුතු දුර තවත් බොහෝදුර බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.