ගෝඨාභය - මහින්ද සුසංයෝගයෙන් යුත් නව රජය ලෝකයේ ඉහළට ම ඔසවා තබනු ඇති බවත් ඉදිරි පස් වසරක කාලය රට සංවර්ධනයේ ස්වර්ණමය යුගය වනු ඇති බවටත් ගම්පහ දිස්ත්රික් නායක ප්රසන්න රණතුංග මහතා විශ්වාසය පළ කරයි.
ඔහු පෙන්වා දෙන්නේ පහුගිය (05) වෙනිදා මහ මැතිවරණයෙන් රටට සතුරු සියලු බලවේග අන්ත පරාජයක් ලැබූ බවයි. ඒ ඵෙතිහාසික ජයග්රහණයක් බව පවසන රණතුංග මහතා ගෝඨාභය - මහින්ද නව රජය යටතේ තවදුරටත් රටට එරෙහි කුමන්ත්රණ වලට කිසිදු ඉඩක් නැතැයි ද අවධාරණය කරයි.
මිනුවන්ගොඩ කෙහෙල්බද්දර ප්රදේශයේ පැවති පිළිගැනීම් උත්සවයකින් අනතුරුව ප්රසන්න රණතුංග මහතා මේ බව සදහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රණතුංග මහතා ,
“මේ මැතිවරණ ජයග්රහණය ඵෙතිහාසිකයි. ගම්පහ දිස්ත්රික්කයේ වැඩි ඡන්ද ලක්ෂ 05ක් ලබාදෙන ලෙසත්, දිස්ත්රික්කයෙන් මන්ත්රීධූර 13ක් පත් කර ගන්නා ලෙසත් මම ජනතාවගෙන් ඉල්ලුවා. ඒ ඉල්ලීම ජනතාව පිළිගෙන තියෙනවා. මම දිස්ත්රික් නායකයා ලෙස පොහොට්ටුවේ කණ්ඩායම දිනවන්නයි කටයුතු කළේ. ඒ ඉලක්කය ජයගැනීමට හැකි වීම ගැන මට ඇත්තේ විශාල සතුටක්. මම 2015 දී මහින්ද වෙනුවෙන් එළියට බැහැලා ජනතාවට පොරොන්දුවක් දුන්නා. ඒ කොක්කෙන් හරි කෙක්කෙන් හරි මහින්ද නැවත රටේ නායකත්වයට ගේනවා කියලා. මහජන ඡන්දයකින් අද මහින්ද මහත්තයා නැවත මේ රටේ අගමැති බවට පත්වූණා. එතුමා තමයි මෑත ඉතිහාසයේ මේ රටේ බිහිවුණු ජනමූල නායකයා. ඒ නිසා ඒ ගැනත් මම අතිශය සතුටු වෙනවා.
මේ මැතිවරණයෙන් යහපාලනය සමග සිටි බොහෝ අය ප්රතික්ෂේප වුණා. යහපාලන ආණ්ඩුව කරපු එජාපය, ශ්රිලනිපය දෙකම අද දියවෙලා ගිහින්. ජනතාව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පිළිබද ව ලොකු විශ්වාසයක් තියා තිබෙනවා. මේ මහ මැතිවරණයෙන් පසුගිය ජනාධිපතිවරණයේ දි පොහොට්ටුව ලැබු ජනවරම තව දුරටත් තහවුරු වුණා.
