හෙරොයින් අලෙවි කිරීමේ ජාවාරමක් වටලයි
අලුත්ගම විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් කණ්ඩායමක් අද(09) සවස එම කදවුරු බල ප්රදේශයට අයත් කනාන ප්රදේශයේ දීර්ග කලක පටන් සිදු කරන ලද හෙරොයින් සහ නීති විරෝධි මත් පැන් අලෙවි කිරීමේ ජාවාරමක් වැටලූ බව කියයි.
මෙම ජාවාරම කලක පටන් සිදු කර ඇති බව කියන "පව්ඩර් සුද්දා" යන අ.න්වර්ත නාමයෙන් හදුන්වන 43 හැවිරිදි සැකකරු සමග හෙරොයින් ග්රෑම් දෙකක් හා මිලිග්රෑම් තුන්සිය හැටක් , නීති විරෝධි මත්පැන් මිලිලීටර 67500 අඩංගු කෑන් දෙකක් හා මිලිලීටර 750 වන බෝතල් දෙකක් , රුපියල් 39110 ක මුදල් නෝට්ටු , ඩිස්කවරි වර්ගයේ යතුරු පැදියක් , ප්රදේශවාසීන් බිය වැද්දවීමට යොදාගත් ප්ලාස්ටික් සෙල්ලම් පිස්තෝලයක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ .
මෙම සැකකරු වසර ගනනාවක් තිස්සේ මෙම ජාවාරම කැලෑව ආශ්රිතව සිදුකර ඇති බවත් ,ප්රදේශවාසීන් කිහිප දෙනෙකුගේ දෑත් තියුණු ආයුධයකින් වෙන් වෙන්න කපා බන්ධනාගාර ගතව අධිකරණ කිහිපයක නඩු පවතින අයෙකු බවත් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පවසන අතර සැකකරු උස අඩි පහකටත් අඩු අයෙකු බවත් ඔහුට ඕනෑම ස්ථානයකින් සූක්ෂමව රිංගායාමට හැකි බවත් සදහන් කරයි.
අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

popular news
-
Don Sunday, 09 August 2020 07:06 PM
Confiscating heroine with culprits is good but re-selling by Narcotics is punishable
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

