අම්බලන්ගොඩ පොලිස් වසමේ ආඳාදොල හන්දියේ දී කැපුම් තුවාල සහිතව වැටී සිටි පුද්ගලයෙකු බලපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 39ක් වු පරගහතොට ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය සම්බන්ධව මූලික මහේස්ත්රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණ අද (09) සිදු කිරීමට නියමිත බව පොලීසිය පවසයි.
සිද්ධියට සම්බන්ධ සැකකරු මෙතෙක් හඳුනාගෙන නොමැති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
