අපේ ජන බල පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පාර්ලිමේන්තුවට පිවිසීමට නියමිත බව වාර්තා වෙයි.
එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඥානසාර හිමියන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යැවීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
අපේ ජන බලය ජනතා පක්ෂය පසුගිය මහ මැතිවරණයෙන් ඡන්ද 67 758ක් ලබාගත්තේය.
ඒ අනුව එම පක්ෂයට එක් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් හිමිවූ අතර එම මන්ත්‍රීධුරයෙන් පාර්ලිමේන්තුවට යොමුකරන්නේ කවුරුන්ද යන්න පිළිබඳව මත භේදයක්ද ඇතිවිය.