සබරගමුව ,මධ්‍යම,බස්නාහිර ,දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇති වේ.
සබරගමුව ,බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැමි ස්ථාන වලට මි.මි 75ට වැඩි තරමක් තද වර්ෂාපතනයන් ඇති විය හැක.
ඌව පළාතේ ස්ථාන ස්වල්පයක සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
දිවයින හරහා විශේෂයෙන් උතුරු ,උතුරු - මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට ,ත්‍රිකුණාමලය සහසහ මාතලේ දිස්ත්‍රික්කවල සහ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මි (40_50) දක්වා තද සුළං ඇති විය හැක.
වෙරළාසන්න ජිවත්වන ජනතාව මුහුදු රළ ගොඩ බිමට පැමිණිමේ හැකියාවක් ඇති බැවින් ඒ පිළිබඳව අවධානයෙන් පසුවැන්නැයි ඉල්ලිමක් කෙරේ.
