දිවයිනේ පවත්නා වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් යාල ජාතික උද්‍යානයේ කලාප අංක 01 සිට 05 දක්වා කොටස් සංචාරකය් සඳහා වසා තබන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. කෙසේ වෙතත් කලාප අංක 06 කළුපාලම ප්‍ර වේශ මාර්ගයක් පමණක සංචාරකයන් සඳහා විවෘතව තබනු ඇත.
මේ අතර හෝටන්තැන්න, වස්ගමුව, කුමන, විල්පත්තුව, මින්නේරිය හා කවුඩුල්ල යන ජාතික උද්‍යාන නැවත දැනුම් දෙන තුරු මුළුමනින්ම වසා දමන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුටරත් නිවේදනය කරයි.