saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 1236 hours ago

LATEST

ලංකාවේ විදුලි බලාගාරවලට ඉන්දියාවෙන් ගෑස්

calendar_today 2024 දෙසැ 16 - 16:24 remove_red_eye - 1171  

ශ්‍රී ලංකාවේ විදුලි බලාගාරවලට අවශ්‍ය ද්‍රව ස්වභාවික ගෑස් (LNG) සැපයීමට ඉන්දියාව සැලසුම් කර ඇති බවත් දෙරටේ විදුලිබල ජාල සම්බන්ධ කිරීමට මෙන්ම පෙට්‍රෝලියම් නිශ්පාදන ලබාදීම වෙනුවෙන් නල මාර්ගයක් සැකසීමටද කටයුතු කරන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පැවැසීය.

(PHOTOS) ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවය ඉන්දීය ජනාධිපති නිලනිවස වන රාෂ්ට්‍රපති භවන්හීදී අද (16) පෙරවරුවේ පැවැත්විණ.

Read More

LANKA T10 ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාධ ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණ ගැනීමට ජැෆ්නා ටයිටන්ස් කණ්ඩායම සමත්ව තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ආරාධනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Read More

මේ වසරේ ගත වූ කාලය තුළ පොළොන්නරුව වනජීවී කලාපයේ පමණක් අලි මිනිස් ගැටුම් වලින් මිනිස් ජීවිත 21 ක් සහ වන අලින්ගේ ජීවිත 70 ක් අහිමි වී ඇති බව පොළොන්නරුව වනජීවී කලාප කාර්යාලයේ තොරතුරු සනාථ කරයි.

Read More

බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ දී සාගරිකා දුම්රිය හා රජරට රැජින දුම්රියේ එංජිම ගැටීමෙන් සිදුවූ අනතුර සම්බන්ධයෙන් තිදෙනෙකුගේ වැඩතහනමට ලක්කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ඉන්දීය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී හමුව තිබේ.

Read More

ශ්‍රී ලංකා පොලීසියේ පිරිමි හා කාන්තා පොලිස් කොස්තාපල් තනතුරු අනුමත ප්‍රමාණයට වඩා 50% කට ආසන්න ප්‍රමාණයක් පුරප්පාඩුව තිබෙන බව ජාතික විගණන මහ ලේකම් කාර්යාලය සිදුකරන ලද විගණන පරීක්ෂණයකදී තහවුරු වී තිබේ.

Read More

2024 වර්ෂයේ ජනවාරි මස සිට දෙසැම්බර් අවසන් වන කාල සීමාව දක්වා වෙළෙඳ ශේෂ හිඟය ඩොලර් බිලියන 6 ඉක්මවා යාමට හැකි බව ද 2024 වර්ෂයේ ජනවාරි සිට ඔක්තෝබර් 30 දක්වා කාල සීමාව තුළ භාණ්ඩ අපනයනයෙන් ඩොලර් බිලියන 10. 68 ක් උපයාගෙන ඇති අතර එය පෙර වසරේ කාල පරිච්ඡේදය හා සසඳන වනවිට 7. 7% පමණ වර්ධනයක් බවද පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සංඛ්‍යානය පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසයි.

Read More

මීටියාගොඩ , බලිමුල්ල නිවසකට ඊයේ (15) රෑ කඩාවැදුණු පිරිසක් විසින් කළ වෙඩි තැබීමකින් නිවසේ සිටි පියා හා දියණිය බරපතල තුවාල ලබා ඇති බවත් ඔවුන් බලපිටිය රෝහලට ඇතුළත් කළ බවත් මීටියාගොඩ පොලීසිය කියයි.

Read More

බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන්ගේ පන්දු යැවීම අත්හිටුවා ඇති බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

Read More

ලංකා විදුලි බල මණ්ඩලය විසින් ගෙවිය යුතු ණය සහ ව්‍යාපෘති ණය වශයෙන් මෙම වර්ෂයේ 2024 ජනවාරි 01 වැනිදා සිට ජුනි මස 30 වැනි දින දක්වා මාස 06 ක කාලසීමාව තුළදී රුපියල් බිලියන 289.4 කමුදලක් ගෙවීමට තිබූ බැව් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති වසර මැද මූල්‍ය තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා මහා බැංකුවට නිකුත් කර තිබූ කාර්ය සාධක වාර්තාවකින් අනාවරණය වෙයි.

Read More

නව කතානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ නම යෝජනා වී ඇති බව ද වාර්තා වේ. ඒ පිළිබඳව අවසන් තීරණය ගැනීම වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම අද (16දා) රැස්වීමට නියමිතය. ඔහු පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරයෙකි.

Read More

දුම්වැටි අලෙවිය 2024 වර්ෂයේ පළමු මාස 08 ක කාල සීමාවේ දී පහත වැටීම නිසා දුම්වැටි මත පළවන ලැබූ නිෂ්පාදන බද්දෙන් ලද ආදායම රුපියල් බිලියන 71.6 දක්වා 10.8% කින් පහළ ගොස් ඇති බැව් පූර්ණ මැතිවරණ අය වැයේ තත්වය පිළිබඳ පාර්ලිමේන්තුව විසින් මහ බැංකුවට ඉදිරිපත් කරන ලද කාර්ය සාධක වාර්තාවෙන් අනාවරණය වේ.

Read More

සමගි ජන බලවේග මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් අද (16දා) පැවැත්වීමට නියමිත බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා ‘අද’ පුවත්පතට පැවසීය.

Read More

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනපති අනුර කුමාර දිසානායක මහත.ා නවාතැන්ගෙන සිටින නවදිල්ලි නුවර ITC MAURYA හෝටලය වෙත ඊයේ (15) පැමිණි ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු පිළිබඳ අමාත්‍ය නිර්මලා සීතා රාමන්, විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් (Dr. S. Jaishankar) සහ ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දොවාල් (Shri Ajith Doval) යන මහත්ම මහත්මීන් ජනපති හා සාකච්ඡා පවත්වා තිබේ.

Read More

ඊ-ග්‍රාම නිලධාරී ව්‍යාපෘතියේ මෘදුකාංග සංවර්ධන හා විවිධ කටයුතු සඳහා රුපියල් එක්කෝටි පනස් තුන් ලක්ෂයකට අධික මුදලක් වැය කර ඇතත්, ඊට අදාළව ග්‍රාම නිලධාරීන් පුහුණු කිරීමේ කටයුතු කර නැතැයි තොරතුරු අනාවරණය වේ. මේ හේතුව මත වහාම ස්වාධීන කමිටුවක් පත්කර පරීක්ෂණයක් සිදුකර ඊට වගකිවයුතු නිලධාරීන්ගෙන් අලාභය අය කිරීමට අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය තීරණය කර ඇත.

Read More

නව කතානායකවරයෙක් පත් කරගැනීම පිළිබඳව සහ ඉදිරි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම වෙනුවෙන් අද (16දා) ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම රැස්වීමට නියමිතය.

Read More

මෙම සතියේ පාර්ලිමේන්තුව 17දා සහ අනිද්දා 18දා යන දින දෙකේදී රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබේ. හෙට දිනයේ පාර්ලිමේන්තුව ආරම්භයේදී නවක මන්ත්‍රීවරුන්ගේ දිවුරුම් දීම සිදු කිරීමට නියමිතව ඇත.

Read More

මනුෂ්‍ය ඝාතන, බරපතල තුවාල සිදු කිරීම්, ගෙවල් බිදීම් හා මංකොල්ල කෑම් 2018 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂයේ 50% ක වර්ධනයක් පෙන්නුම් කරන බවත් වසර 06 ක කාලය තුල 2023වර්ෂය වැඩිම අපරාධ වාර්තා වූ බවත් ශ්‍රී ලංකා පොලීසිය සම්බන්ධයෙන් වූ 2023 විගණන වාර්තාවේ සදහන් වේ.

Read More

ඖෂධ වර්ග අටක ගුණාත්මකභාවය අඩුවීම නිසා(quality Failure) පසුගිය සතියෙහිදී භාවිතයෙන් ඉවත් කර තිබෙන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමති සන්ධානය සඳහන් කරයි.

Read More

නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 05ක් සඳහා වැඩබලන අමාත්‍යවරුන් පත් කර තිබේ.

Read More

මේ වසරේ ජනවාරි සිට ජුනි මාසය දක්වා විදුලිය විසන්ධි කිරීම් හයලක්ෂ විසි අටදහස් දෙසිය අසූහයක් (628286ක්) සිදුවී තිබෙන බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

ඩුබායි රාජ්‍යයේ සැඟව සිට හංවැල්ල කේන්ද්‍ර කරගෙන මිනිස් ඝාතන සහ කප්පම් ගැනීමේ නිරත කන්නංගරගේ ලලිත් කන්නංගර නොහොත් බස් ලලිත් නැමැති අපරාධකරු ගේ තර්ජන හේතුවෙන් ව්‍යාපාරිකයන් රැසක් සිය ව්‍යාපාරික ස්ථාන වසා නිවෙස් හැර ගොස් ඇතැයි පොලිසිය කියයි.

Read More

බෙලිඅත්ත දුම්රිය ස්ථානයේදී රජරට රැජින දුම්රියේ එංජිම සාගරිකා දුම්රියේ ගැටීමෙන් සිදුවූ අනතුර සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Read More

මාතලේ කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ පෞද්ගලික සහායක වශයෙන් කටයුතු කළප්‍රධාන පොලිස් පරීක්ෂකසියඹලාගස්පිටියමුදියන්සේලාගේලක්ෂ්මන් බණ්ඩාර මොළගොඩ (58) මහතාගේඅබිරහස් මරණය සම්බන්ධ විමර්ශන සිදුකරන වත්තේගම පොලිසියඔහු අනතුරට ලක් කොට පලා යනමෝටර් රථයක්හඳුනාගෙන ඇති බව පවසයි.

Read More

සති අන්ත නිවාඩුවත් සමග නුවරඑලිය ප්‍රදේශයට දේශිය සංචාරකයන් විශාල පිරිසක් පැමිණි බව නුවරඑලිය සංචාරක හෝටල් හිමියන් පවසයි.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ප්‍රථම විදේශ සංචාරය ආරම්භ කරමින් ඉන්දියාවේ තුන් දින නිල සංචාරයක් සඳහා අද පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය.

Read More

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර තෙවැනි ටෙස්ට් තරගයේ දෙවන දිනය සඳහා වන තරගය අද(15දා) අවසන් විය.

Read More

නව කථානායකවරයා පත් කිරීමේදී විපක්ෂයෙනුත් එම තනතුරට නමක් යෝජනා කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.