saravita-anim2

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 8207 hours ago

LATEST

පාසල් සිසුන් අනතුරට ලක් කළ රියදුරුට මිනී මැරීමේ චෝදනා

calendar_today 2020 අගෝ 10 - 15:04 remove_red_eye - 437  

අරලගංවිල ,බෝගස්වැව ප්‍රදේශයේදි පාසල් සිසුවෙකුට මරු කැඳවමින් තවත් සිසුන් 10 දෙනෙකුට තුවාල සිදු කොට කැබි රථයක් පදවා මාරක රිය අනතුරක් සිදු කළ බිමත් රියදුරා මේ මස 24 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස පොළොන්නරුව මහේස්ත්‍රාත් අසේලද සිල්වා මහතා අද (10) නියෝග කළේය.

නව අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස ගාමිණි සෙනරත් යළි පත් කර තිබේ.

Read More

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ තීරණය කොට ඇත.

Read More

ජා-ඇල නගර සභාවේ අගෝස්තු මස මාසික මහ සභා රැස්වීම ඊයේ (10දා ) එහි ගණ පූර්ණය නොමැති වීම හේතුවෙන් අතරමග නවතා දැමීමට සිදු විය. පසුව පිටවී ගිය මන්ත්‍රීවරයන් දෙදෙනකු දුරකථන මාර්ගයෙන් කැදවා පභාවේ කටයුතු අවසන් කිරීමට නගරාධිපති වරයා පියවර ගත්හ.

Read More

මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය අම්පාර දිස්ත්‍රික්කයට ලබා දී ඇත්තේ අත්තනෝමතිකව කටයුතු කරමින් බවට එම පක්ෂයේ හවුල්කාර පක්ෂ නායකයින් විරෝධය පල කරමින් සිටිති.

Read More

දැන් ආයෙත් කාටවත් ඇගිල්ල දිගු කරන්න හිතන්නවත් එපා. අනාවැකියක් කියනවා. කැබිනට් මණ්ඩලය පත්වුණාට පස්සේ ආයතන ටික ගැසට් කළාම බලන්න පුළුවන් එක පවුලක් ඇතුළට කොච්චර ආයතන එයිද කියලා.

Read More

බුවනේක හෝටල් ස්මාරක නඩුවේදි කුරුණෑගල නගරාධිපතිවරයාට සහ වෙනත් අයට එරෙහිව වරෙන්තු ක්‍රියාත්මක කිරිමට කුරුණෑගල පොලීසිය සමත් නොවිම නිසා මහේස්ත්‍රාත්වරයා නැවත වරෙන්තු නිකුත් කර තිබේ.

Read More

මධ්‍යම කඳුකරයට දින කීපයක සිට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් පස් කඳු කඩා වැටීමේ අවධානම මත තලවකැලේ, නානුඔය, දඹගස්තලාව වතුයායේ වතු නිවාස හතක පදිංචි පුද්ගලයන් 32 එම නිවාසවලින් තාවකාලිකව ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

Read More

ඔහු පවසන්නේ තමාගේ මැතිවරණය වෙනුවෙන් රුපියල් 5 565 500ක් වියදම් වූ බවයි. එයින් ලක්ෂ 41ක්ම හිතවතුන්ගෙන් ලද පරිත්‍යාග බවත් පක්ෂ මූලස්ථානයෙන් රුපියල් ලක්ෂ 5ක් ලැබුණ බවයි. තමන්ගේ පෞද්ගලික මුදල් රුපියල් 965000ක් වියදම් වී ඇති බවද ඔහු කියයි.

Read More

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් තේරී පත්වන මන්ත්‍රීවරු පිළිබඳව එම පක්ෂය තුළ මේ වන විට මතභේදාත්මක තත්ත්වයක් ඇතිව තිබේ.

Read More

මහකුඹුක්කඩවල කොහොඹගස්වැව ප්‍රදේශයේදී අද (10) දින අලුයම් කාලයේදී ඇතෙකුගේ ප්‍රහාරයට ලක්වීමෙන් පුද්ගලයෙකු මරණයට පත්ව ඇති බව මුන්දලම පොලීසිය කියයි.

Read More

කෝවිඩ් -19 ආසාදනය වූ 14 දෙනෙකු සුවය ලබා අද (10) රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

Read More

ශ්‍රී ලංකාව තුළ මේ වන විට PCR පරික්ෂ1ණ 171,169 ප්‍රමාණයක් සිදුකර ඇතැයි කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

Read More

කොරෝණා අවධානම හේතුවෙන් දීර්ඝ නිවාඩුවක් ලබා තිබූ උතුරේ පාසල් අද (10) සිට සියල්ලක්ම සාමාන්ය පරිදි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පැවත්වීමට උතුරේ අධ්‍යාපන බලධාරීන් පියවර ගනු ලැබීය.

Read More

සබරගමුව ,මධ්‍යම,බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

පස් කන්දක් කඩා වැටිමෙන් ඇණහිට තිබු හැටන් නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු අද (10) දින උදැසන සිට යලි යථා තත්ත්වයට පත් කල බව නල්ලතන්නිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතා පැවසිය.

Read More

ගතවු පැය 24 තුළ බස්නාහිර පළාතේ සිදු කළ වැටලිමකදි මත්කුඩු සහ මත්පැන් ඡාවාරම සම්බන්ධයෙන් සැකකරුවන් 331 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කුරුණෑගල රාජධානියේ ඉපැරැණි රාජසභා මණ්ඩපය කඩා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයා විසින් කරන ලද නියෝගයට සහ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට විරෝධය පළ කරමින් සංවිධානය කරන ලද නිහඬ උද්ඝෝෂණයක් අද (10) කුරුණෑගල නගරයේදී පැවැත්විණි.

Read More

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට (09) දින උදැසන සිට (10) දින අලුයම තෙක් පැවති අධික වර්ෂාව සහ දැඩි සුලං තත්ත්වයක් පැවතිණ.

Read More

අද (10) දින උදෑසන වනවිට කන්දකාඩු සහ සේනපුර මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයන්ට සම්බන්ධ සියළු ආසාදිතයින් සංඛ්‍යාව 606 දෙනෙකු වේ.

Read More

ජාතික ජන බලවේගයට හිමිව තිබෙන ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය ලබාදෙන්නේ කාටද යන්න තම සංවිධානයේ කමිටු සාමාජිකයන් විසින් තීරණය කරන බව ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම්, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා සඳහන් කළේය.

Read More

නව ආණ්ඩුව පත්වීමෙන් පසු 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හා 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසිකර දැමීමට සැලසුම් කර තිබෙන බව වාර්තා වේ.

Read More

විදේශීය රටවල් 02 ක රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 176 දෙනෙකු රැගෙන අද (10දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත ගුවන් යානා 02 ක් පැමිණ තිබුණි .

Read More

නව ආණ්ඩුවේ අමාත්‍ය ධුර ලබාගැනීම සඳහා ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයන් සහ ඇතැම් දිස්ත්‍රික්කවලින් ඉහළම මනාප ලබාගත් අපේක්ෂකයන් විසින් සිදු කරනු ලබන ඉල්ලීම් හේතුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ දිනවලදී දැඩි අප්‍රසාදයකින් පසුවන බව ’අද’ ට වාර්තා වේ.

Read More

ජුනි මාසයෙන් පසු පළමු වරට නව දෛනික ආසාදිතයන් 1,000ට වඩා ඉහළ අගයක් ගත් අවස්ථාව ලෙසද මෙය සැලකෙන අතර, එය සෙනසුරාදා වාර්තා වූ ආසාදිතයන් 758ට වඩා 304ක ඉහළ යෑමකි.

Read More

දැඩි නීතිරීති මධ්‍යයේ පවා එරට වික්ටෝරියා ප්‍රාන්තයේ ආසාදිතයන්ගේ වැඩිවීම, වෛරසය සම්බන්ධයෙන් අවධානය අඩුකර නොගෙන කටයුතු කිරීමට වඩාත් හොඳ පණිවුඩයක් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

Read More

පෙරේදා දිනයේ ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පැය 24ක් තුළ නව කොරෝනා වෛරස් ආසාදිතයන් 64,000ක් ඉක්මවා වාර්තා කර ඇති තිබූ අතර, එය මේ දක්වා දෛනික වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව විය.

Read More

කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 26ක් වනු ඇති බවට පෙර සඳහන් වුවද, ඇතැම්විට එය 28ක් වනු ඇති බවට වාර්තා වේ.

Read More

’’මොවුන් ප්‍රධාන වශයෙන් දැනටමත් එක්සත් ජනපදය හැර ගොස් ඇති අයයි. ඔවුන්ට දැන් මෙහි සෑම දෙයක්ම පාහේ ඇතිවෙලා’’ යනුවෙන් බැම්බ්‍රිජ් ගණකාධිකාරී හවුල්කරුවෙකු වන ඇලිස්ටෙයාර් බැම්බ්‍රිජ් පැවසීය.

Read More

කැරට් 18 සුදු රන් ආවරණ, සුදු හා කළු දියමන්ති 3,600කින් සරසා ඇති අතර, මෙය ගැනුම්කරුගේ ඉල්ලීම පරිදි ඉහළම ශ්‍රේණියේ N99 ෆිල්ටර සවි කර ඇති බව නිර්මාණකරු වන ඊශ්‍රායල් ස්වර්ණාභරණ සමාගම පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.