ගම්පහ දිස්ත්‍රික්කය තුළින් කොරෝනා ආසාදිත රෝගීන් 113ක්
අද දින සවස 4.00 න් අවසන් පැය 24 ක කාළය තුළ ගම්පහ දිස්ත්‍රික්කය තුළින් කොරෝනා ආසාදිත රෝගීන් 113 දෙනෙකු සොයාගෙන ඇති බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .
මෙම රෝගීන් අතුරින් 52 දෙනෙකු මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් සහ තවත් 20 දෙනෙකු වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් සොයාගෙන ඇති බව ද වෛද්‍ය මිගාර ඈපා මහතා සදහන් කළේය .
කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළින් 10/25 දින තවත් කොරෝනා ආසාදිත සේවකයින් 06 දෙනෙකු හමු වී ඇති අතර , ඒ අනුව මේ දක්වා මෙම වෛරසය ආසාදිත සේවකයින් 372 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා පැවසීය .
එසේම ඒ අනුව මේ දක්වා ගම්පහ දිස්ත්‍රික්කය තුළින් කොරෝනා ආසාදිත රෝගීන් 2,772 දෙනෙකු හමු වී ඇති අතර , ඔවුන් සොයා ගැනීම සදහා 10/25 දින වනවිට පී.සී.ආර්.පරීක්ෂණ 36,216 ක් සිදු කර ඇති බව ද ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා වැඩිදුරටත් පැවසීය .
මේ අතර සීදුව පොලිස් ස්ථානයේ රාජකාරී කටයුතු වල නිරත වී සිටි පොලිස් නිලධාරීවරයෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සදහා 10/25 දින යොමු කර ඇති බව කටුනායක සීදුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා පැවසීය.
කටුනායක ටී.කේ.ජී.කපිල
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

