මිරිහාන පොලීසියේ භෝජනාගාරයේ පාලක ටත් කෝවිඩ්
මිරිහාන මූලස්ථාන පොලිසියේ භෝජනාගාරයේ පාලක ලෙස කටයුතු කල කොස්තාපල් වරයාට කොරෝනා වෛරසය ආසාධිත වී ඇතැයි මිරිහාන පොලිසිය කියයි .
පපුවේ මහන්සිය , උදරයේ ආබාධයක් සහ උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඉකුත් 23දින එම කොස්තාපල්වරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව සිදු කළ පි සි ආර් පරීක්ෂණ වාර්තාවකින් 24 රාත්‍රී ඒ බව හෙළි වී ඇත .
පසුගිය දහතුන් වෙනි දින සිට මෙම කොස්තාපල්වරයා පෑලියගොඩ මත්ස්‍ය තොග වෙළෙඳ සංකීර්ණය වෙත භෝජනාගාරය වෙත මාළු මිලදී ගැනීම සඳහා ගොස් තිබූ බව පොලිසිය කියයි
එම ආසාදිත කොස්තාපල්වරයා ඇඹිලිපිටිය ප්‍රදේශයේ රෝහලක් වෙත යොමුකර යොමු කර ඇති ඔහු ළඟින් ඇසුරු කළ එම භෝජනාගාරයේ සේවය කල පොලිස් නිලධාරීන් පස් දෙනකු ඇතුළු ආසාදිත කොස්තාපල්වරයා නවාතැන්ගෙන සිටි තනිකඩ භට නිවාසයේ අනෙක් පොලිස් නිලධාරීන් නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බව කෝට්ටේ සෞඛ්‍ය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය
මිරිහාන මූලස්ථාන පොලිසියට අනුයුක්තව පොලිස් නිලධාරීන් හයසියකට ආසන්න සංඛ්‍යාවක් සේවයේ යෙදෙන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

