පීසීආර් පරීක්ෂණවලට බාධා කළ ධීවරයා රිමාන්ඩ්
ගාල්ලේ ධීවරයන් සඳහා පීසීආර් පරීක්ෂණ සිදුකිරීමේ දී වෛද්‍යවරු ඇතුළු නිලධාරීන්ට බාධා කළ ධීවරයකු ලබන 27 වැනි දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමටත් මනෝ වෛද්‍යවරයකුට පෙන්වා ඔහුගේ මානසික තත්ත්වය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් ලලිත් පතිරණ මහතා අද (25) නියෝග කළේය.
මෙලෙස රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇත්තේ ගාල්ලේ චීන කොරටුව මත්ස්‍ය වෙළෙන්දෙකි.
ගාල්ලේ ධීවර කටයුතුවල යෙදෙන පුද්ගලයන් සඳහා පීසීආර් පරීක්ෂණ පැවැත්වීමට ඊයේ (24) ජෛව සාම්පල ලබාගැනිම බාලදක්ෂ මාවතේ රත්ගම වැල්ලේ දී ද සිදුකෙරිණි. එම ස්ථානයට පැමිණි මෙම පුද්ගලයා ජෛව සාම්පල ගනිමින් සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුළු නිලධාරීන්ට අසභ්‍ය ලෙස බැණ වදිමින්, ජෛව සාම්පල ලබාදීමට පැමිණ සිටි පුද්ගලයන්ට ද විවිධ කරුණු දකවමින් සිට ඇත. පීසීආර් පරීක්ෂණ පැවැත්වීම හේතුවෙන් ජනතාව මාළු ගැනීමට නොපැමිණෙන බවත් තම වෙළඳාම පවත්වාගෙන යා නොහැකි බවත් ඔහු පවසා තිබේ. මොහුගේ හැසිරීම තම කණ්ඩායමේ රාජකාරිය බාධාවක් බව එම ස්ථානයේ සිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයකු විසින් ගාල්ල මූලස්ථාන පොලිසියට දැනුම්දීමෙන් පසු පොලිසිය පැමිණ එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබිණි.
අද (25) ඔහු ප්‍රධාන මහේස්ත්රාත්වරයාට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය නිකුත් කරන ලදී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

