saravita-anim2

2026 අගෝස්තු මස 02 වන ඉරිදා

2026 අගෝස්තු මස 02 වන ඉරිදා

Latest News - timelapse 9147 hours ago

LATEST

කල්පිටිය රෝහලේ කණිෂ්ඨ සේවකයෙකුට කොවිඩ්

calendar_today 2020 නොවැ 05 - 08:13 remove_red_eye - 377  

කල්පිටිය රෝහලේ සෞඛ්‍ය කාර්‍ය මණ්ඩල කණිෂ්ඨ සේවකයෙකු කොරෝනා ආසාදිතයෙකු බවට වාර්තා වන බව කල්පිටිය පොලීසිය පවසයි. මේ සමග කල්පිටියේ ආසාදිත සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගොස් තිබේ.

කරට කර ජනාධිපතිවරණ තරගය රට ග්‍රහණයට ගෙන ඇති මොහොතක, රට පුරා ප්‍රාන්ත 20කට අධික සංඛ්‍යාවක ආසාදනවල ශීඝ්‍ර වර්ධනයක් දැකිය හැකි බව සඳහන් වෙයි.

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට වඩා සුදුසු වායුගෝලීය තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (05) නිකුත් කළ කාලගුණ අනාවැකියෙන් සඳහන් වේ.

Read More

මේ වනවිට මතුව ඇත්තේ වත්මන් ජනපති ට්‍රම්ප් තම අභිමතය පරිදි සියලු මෙවලම් උපයෝගී කරගනිමින් ජයග්‍රහණයක් සඳහා බලහත්කාරය යෙදවීම, ඡන්දයේ අඛණ්ඩතාව පිළිබඳ වැරදි තොරතුරු ඉදිරිපත් කිරීම සහ නීතිමය බලපෑමක් කිරීමට උත්සාහ කිරීම ඇතුළු ක්‍රියාවලියක් බව විදෙස් වාර්තා පවසයි.

Read More

කොටදෙණියාව, ගල්වැඩපොළක් තුළ පර්වතයෙක් කොටසක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් තිදෙනෙක් බරපතල තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

තීරණාත්මක ප්‍රාන්ත කිහිපයකම තවමත් ඡන්දය ගණනය කරමින් තිබුණද ජාත්‍යන්තර මාධ්‍ය විසින් ඉදිරිපත් කරන පූර්ව මැතිවරණ ප්‍රතිඵල විශ්ලේෂණයන් අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් අභිභවමින්, ජෝ බයිඩන් තවමත් ඉදිරියෙන් සිටියි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,223,000ක් ආසන්නයට පැමිණ ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

Read More

ලබන වසරේ පෙබරවාරි මස 28 වැනිදාට හෝ ඊට පෙර 2019/2020 තක්සේරු වර්ෂ සඳහා වන ආදායම් වාර්තා ගොනු කරන්නේ නම්, නියමිත දිනට වාර්තා ගොනු නොකිරීමට අදාළ දඩ පැනවිමක් සිදු නොකරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සදහන් කළේය.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 169 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොවිඩ් මර්දනයට සහායවීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායනයේ මගපෙන්වීමෙන් සැකසුණු “සුවෙන් සිටිමු” (Stay Safe) ඩිජිටල් ව්‍යාපෘතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හඳුන්වා දෙයි.

Read More

දැනට රට තුළ ඇති පැතිර පවතින කොවිඩ් 19 වසංගත තත්වය සැලකිල්ලට ගෙන මාතලේ මහාධිකරණය, දිසා සහ මහේස්ත්‍රාත් අධිකරණවල අධිකරණ කටයුතු මේ මස (04) දින සිට මේ මස 09 දින දක්වා තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

Read More

නිවසේ ඇඳ වැටීමක් හේතුවෙන් හිසට බරපතල හානි සහිතව 02 දා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ අවුරුදු 78ක් වයසැති පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ඔහුගේ මරණ පරීක්ෂණයේදී ඔහුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ 24 වැනි කොවිඩ් මරණය වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

Read More

අඟලවත්තේ ඇගලුම් කර්මාන්ත ශාලාවක කොවිඩ් ආසාදිතයින් හමුවීමත් සමග එම කර්මාන්ත ශාලාව තාවකාලිකව දින දෙකක් වසා දැමීමට එම ආයතනයේ පාලන අධිකාරිය තීරණය කරයි.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 274ක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

රජයේ රෝහල් සායනික ප්‍රතිකාර ගන්නා මසකට ප්‍රමාණවත් ඖෂධ තමන් සතුව නොමැති රෝගින් වෙත තැපැල් මගින් නිවසටම ඖෂධ ලබාදිමේ වැඩපිළිවෙලක් හෙට (5) සට යළි ආරම්භ කෙරේ.

Read More

දිවයින පුරා වගා කටයුතු සඳහා අවශ්‍ය පොහොර බෙදා හැරීම මේ වන විට ආරම්භ වී ඇති පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්. රණසිංහ මහතා පවසයි.

Read More

නොවැම්බර් 07දා පැවැත්වීමට නියමිතව තිබූ විජයබාහු මෝටර්ක්‍රොස් තරගාවලිය අවලංගු කළ බව යුද හමුදාව නිවේදනය කරයි.

Read More

කොවිඩ් 19 වෛරසය අසාදනය වු අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු නුවරඑලිය අධිකරණ සංකිර්ණයට පැමිණිම නිසා නුවරඑලිය මහාධිකරණය , දිස්ත්‍රික් අධිකරණය සහ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු මේ මස 16 දින දක්වා තාවකාලිකව අත්හිටුවන ලෙස එම අධිකරණ භාර විනිසුරුවරුන්ගෙන් අද දින ඉල්ලිමක් කල බව නුවරඑලිය නීතිඥ සංගමයේ සභාපති නීතිඥ ගාමිණි සේනානායක මහතා පැවසිය.

Read More

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1693 ඉක්මවා තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසයට ගොදුරුව රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 277 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

කෝවිඩ් ආසාදිතයෙකු හමුවූ බවට ලැබුණු පුවතක් සමග තාවකාලිකව වසා දැමූ ඉසුරුපාය හෙට සිට යළි විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කරයි.

Read More

වැල්ලවාය දිසා හා මහේස්ත්‍රාත් උසාවියට පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් සැරයන්වරයෙකුට කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වීමෙන් පසු අද (04) සිට උසාවියේ අධිකරණ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බැව් වැල්ලවාය පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප ටී.එම් රත්නායක මහතා පැවසීය.

Read More

කොරෝනා ව්‍යාප්තිය වැළක්වීමේ පියවරක් වශයෙන් බස්නාහිර පළාත තුළ මේ වන විට විටත් තාවකාලිකව නවතා ඇති වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු නැවත දැනුම් දෙනතුරු තවදුරටත් අත්හිටුවන බව නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Read More

’’මෙය ඇමරිකානු මහජනතාවට කරන වංචාවක්. මෙය අපේ රටට ලැජ්ජාවක්’’ ජනාධිපතිවරණයේ පුරෝකථනය කරන ලද ප්‍රතිඵලවලට අනුව මේ වනවිට ජෝ බයිඩන් ඉදිරියට පැමිණ ඇති පසුබිමක ට්‍රම්ප් ධවල මන්දිරයේ සිට මෙම ප්‍රකාශය සිදුකර තිබේ.

Read More

කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ කොරෝනා ආසාදිත මාළු ව්‍යාපාරිකයන් 20 දෙනකුගේ සමීපතම ආශ්‍රිතයන් 200 ආසන්න පිරිසකගේ පි සි ආර් පරීක්ෂණ අද (4) කැස්බෑව බස් නැවතුම්පොළේ දී සිදුකෙරිණි .

Read More

ජාඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට අයත් ප‍්‍රදේශ සතරකින් තවත් කොරෝනා වෛරසය ආසාදිතයන් 33 දෙනෙකු අද වාර්තා වු බව ජාඇල පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එස්.ඩබ්.එම්.වයි. විජේසිංහ මහතා පවසයි.

Read More

අලුත්ගම පොලිස් වසම තුළ පවුල් ඒකක අසූ එකකට අයත් පුද්ගලයන් තුන්සිය අසූවක් අද(04) දින වන විට එම පුද්ගලයන්ගේ නිවෙස් තුළම නිරෝධායනයට ලක්කර ඇතැයි අලුත්ම පොලිසිය කියයි.

Read More

නානුඔය දුම්රිය ඉංජිනේරු කාර්යාලයේ ඉංජිනේරුවරයෙකු කොවිඩ් ආසාදිතයෙකු ඇසුරු කිරීම හේතුවෙන් එම කාර්යාලය අද (04) සිට තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ විසින් පියවර ගෙන ඇතැයි නානුඔය පොලීසිය පවසයි.

Read More

කදාන ජයසමරුගම ප්‍රදේශයේ සිදු කල PCR පරීක්ෂාවකින් රාජගිරිය විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් 06ක් ඇතුළු 29 දෙනෙකු කොවිඩ් 19 ආසාදිතයන් ලෙස තහවුරු වු බව ජා-ඇල ප්‍රාදේශීය සභාවේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. ඩබ්ලිව් .එම්.වයි. විජේසිංහ මහතා පවසා සිටියහ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.