ජනතාව වගකීමෙන් කටයුතු කළ යුතුයි - ජනපති
කොවිඩ් මර්දනයට සහායවීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායනයේ මගපෙන්වීමෙන් සැකසුණු “සුවෙන් සිටිමු” (Stay Safe) ඩිජිටල් ව්‍යාපෘතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හඳුන්වා දෙයි.
කොවිඩ් ආසාදිතයන්ගේ සබඳතා සොයා ගැනීම හා වාහකයන්ගේ සංචරණය කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ප්‍රධාන අභියෝග වේ. “සුවෙන් සිටිමු” (Stay Safe) ඩිජිටල් ව්‍යාපෘතිය මේ ගැටළු දෙකටම එකවර විසඳුම් දෙයි.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී දෛනිකව හමුවන කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය අද (04දා) පෙරවරුවේ රැස්වූ අවස්ථාවේ දී තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායනයේ සභාපති ජයන්ත ද සිල්වා මහතා විසින් නව ව්‍යාපෘතිය හඳුන්වාදෙනු ලැබීය.
“සුවෙන් සිටිමු” (Stay Safe) QR කේතයක් මත පදනම් වේ. කොවිඩ් 19 වැළැක්වීමේ නිරත සියලු පාර්ශ්වයන්ට, වාණිජ හා රාජ්‍ය අංශයේ ආයතනවලට සහ සියලුම ජනතාවට පහසුවෙන් භාවිත කළ හැකි සරල ක්‍රමවේදයකින් ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ.
Staysafe.gov.lk වෙත පිවිසීමෙන් සෑම ආයතනයකටම අනන්‍ය QR කේතය ගත හැකිය. ලබන සෙනසුරාදා (07) සිට ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.
ස්මාට් ජංගම දුරකථනයක් භාවිතයෙන් ඕනෑම ආයතනයක නම, ලිපිනය, හිමිකරුගේ නම සහ දුරකථන අංකය වැනි තොරතුරු කිහිපයක් දීමෙන් ඉතා පහසුවෙන් QR කේතය ගත හැකිය. එම කේතය මුද්‍රණය කර ආයතනයේ දොරටුවේ ප්‍රදර්ශනය කිරීමට පිළිවන.
ස්මාට් ජංගම දුරකථනයක් ඇති හෝ නැති හෝ සියලුදෙනා ලියාපදිංචි කර ඔවුන් යන එන ස්ථාන හඳුනා ගනු ලැබේ. මේ පිළිබඳව සියලු මාධ්‍ය මගින් ජනතාව දැනුවත් කිරීමට තොරතුරු හා සන්නිවේදන නියෝජිතායනය පියවර ගනු ඇත.
කොවිඩ් කාර්ය සාධක බලකාය බස්නාහිර පළාත ඇතුළු දිවයිනේ සියලු ප්‍රදේශවල කොරෝනා ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය ජනාධිපතිවරයා පැහැදිළි කළේය.
ජනතාව වගකීමෙන් ක්‍රියාකිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය. ඇඳිරි නීතිය පැනවීමෙන් පමණක් ජනතාව හැසිරවීම අඛණ්ඩව කළ නොහැකිය. ජන ජිවිතය, රටේ ආර්ථිකය සහ අන් සියලු පැතිකඩ සමබරව සැලකිල්ලට ගෙන අවබෝධයෙන් යුතුව තීරණ ගත යුතු බව ජනාධිපතිවරයා පැවසීය.
වෛරසය මර්දනයට පිළියමක් සොයා ගන්නා තෙක් රට වසා තැබිය නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් සියලු දෙනා දෛනික කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට සූදානම් විය යුතු බව ද පැවසීය. වෛරසය පාලනය සඳහා ඇඳිරි නීතිය තදින් ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපතිවරයා පොලීසියට උපදෙස් දුන්නේය.
popular news
-
Janatha warada? Thursday, 05 November 2020 02:34 AM
janathawa wagakeemen katayithu kala yuthuyi kiyala api nam kata kadenakam dan sahena kaleka idan kiyanawa. Janathawa owunge hora deshapremeenge rupeta , boru katha walata rawatenawa thamanma ada gannawa. Janathawa wagakeemen katayuthu kalanam kolaba lassana karanna kiyala kunu godagahala ethanath jeevitha ahimiwuna wadak kala ekkenek eka sudusu kama kiyala rate nayakaya karayida? Janathawa UDA eka Sri Lankan eka uda seat idala eka bankoloth wenna wada kala kenekuta Ratema arthikaya barawena Janapathi kama pawarayida? Sarath Fonseka athulu siyalu hamudawala jayagrahanayak thama kala ekak kiyala anun lawa poth liyawapu kenek janapathi karanawada wagakeemen wada karana janathawa? Yudde kale kauda kiyala dan hodatama penewane naganna naganeemen. Corona mardanayata Shawendrage nayakathwayen eka kamituwayi, Basilge naya kathwayen eka kamituwayi. dekenma anagena dan okkoma tika Pradeshiya lekam karyala walata pawaranawa. mokada nohakiyawata anith ayata agilla dik karanna.
Reply : 0 0
Gamage piyadassana Thursday, 05 November 2020 12:14 PM
Loku tene sita pahalata yanakan ekek innawada
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

