නුවරඑළිය අධිකරණයේ සියලුම නඩු කටයුතු අත්හිටුවන්නැයි ඉල්ලිමක්
කොවිඩ් 19 වෛරසය අසාදනය වු අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු නුවරඑලිය අධිකරණ සංකිර්ණයට පැමිණිම නිසා නුවරඑලිය මහාධිකරණය , දිස්ත්‍රික් අධිකරණය සහ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු මේ මස 16 දින දක්වා තාවකාලිකව අත්හිටුවන ලෙස එම අධිකරණ භාර විනිසුරුවරුන්ගෙන් අද දින ඉල්ලිමක් කල බව නුවරඑලිය නීතිඥ සංගමයේ සභාපති නීතිඥ ගාමිණි සේනානායක මහතා පැවසිය.
මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් නීතිඥ ගාමිණි සේනානායක මහතා වැඩිදුරටත් කියා සිටියේ.
නුවරඑලිය නීතිඥ සංගමයේ විශේෂ රැස්විමක් අද දින පැවැත්වු බවත් , එහිදි සියලුම නීතිඥවරුන්ගේ ඒකමතික තිරණය කරනු ලැබුවේ අධිකරණ කටයුතු මේ මස 16 දින දක්වා තාවකාලිකව අත්හිටුවන ලෙස නුවරඑලිය මහාධිකරණයේ , දිස්ත්‍රික් අධිකරණයේ සහ මහෙස්ත්‍රාත් අධිකරණයේ විනිසුරුවරුන්ගේ ඉල්ලිමක් කිරිමට බවයි ගාමිණි සේනානායක මහතා කියා සිටියේ.
මේ සම්බන්ධයෙන් එම විනිසුරුවන් තිදෙනාගෙන් එම ඉල්ලිම කල බවත් , එම ඉල්ලිම අධිකරණ සේවා කොමිසන් සභාව වෙත ඉදිරිපත් කර අධිකරණ සේවා කොමිසන් සභාවේ උපදෙස් පරිදි ඉදිරි කටයුතු කරන බවට එම විනිසුරුවරුන් තිදෙනා තම සංගමයට දැනුම් දෙන බව පැවසු බවයි ගාමිණි සේනානායක මහතා කියා සිටියේ.
අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ඉකුත් මස 26 දින නඩු කටයුත්තක් සදහා තම අධිකරණ සංකිර්ණයට පැමිණ පසුව එම නිලධාරියා සිදු කල පි.සි.ආර් වාර්තාව අනුව ඔහුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු විමෙන් පසු අපරාධ විමර්ශන අංශයේ නිලධාරියා එ බව නුවරඑලිය පොලිසියට දැනුම් දි ඇති බවද ගාමිණි සේනානායක මහතා පැවසිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

