නැගෙනහිර ආණ්ඩුකාරවරිය හා TNA මන්ත්රීවරු අතර උණුසුම් තත්ත්වයක්
ජාතීන් අනුව ඉඩම් මායිම් වෙන් කිරීම වත්මන් රජයේ මෙන්ම තමාගේද ප්රතිපත්තිය නොවන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රීවරුන් හමුවේ අවධාරණය කළාය. සිංහල, දමිළ හෝ මුස්ලිම් යනුවෙන් ඉඩම් වෙන් කිරීමක් සිදුව නොමැති බව පෙන්වා දුන් ආණ්ඩුකාරවරිය මෙහිදි අවධාරණය කළේ දේශපාලන අරමුණු වෙනුවෙන් එවැනි වෙන් කිරීම් සිදු කිරිමට උත්සහ නොකරන ලෙසය.
මඩකලපුව, අම්පාර දිස්ත්රික් දෙක මායිම්ව පිහිටි දිවුලපතාන ප්රදේශයේ ඉඩම් කෘෂිකර්මාන්තය සඳහා ජනතාවට ලබාදිම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම පිරිස අද (14) පෙරවරුවේ ආණ්ඩුකාර ලේකම් කාර්යාලයට පැමිණියහ.
එහිදී මෙම පිරිස අවධාරණය කර සිටියේ අදාළ ප්රදේශය මඩකලපුවේ ජනතාව ඇති කරන ගවයන්ගේ තෘණභුමි බැවින් එම ඉඩම් කෘෂිකර්මාන්තය සදහා ලබාදීමට ගෙන ඇති තීරණය වහාම නතර කරන ලෙසය. එම ඉල්ලීම ප්රතික්ෂේප කළ ආණ්ඩුකාරවරිය පෙන්වා දුන්නේ කෘෂිකාර්මික කටයුතු ඳදහා මෙම ඉඩම් ලබාදිමේ අරමුණ රට ස්වයං පෝෂිත කිරීම සහ පිටරටින් ආහාර භෝග ගෙන ඒම අවම කිරීම සඳහා වන රජයේ ප්රතිපත්තිය නිසා බවය.
මෙහිදි මෙම පිරිස දිගින් දිගටම ආණ්ඩුකාරවරියට බලකර සිටියේ මෙම ඉඩම් කෘෂිකර්මාන්තය සඳහා ලබාදිමේදි ජනවර්ග අතර ගැටළු ඇති වන බවය.
එය ප්රතික්ෂේප කළ ආණ්ඩුකාරවරිය කියා සිටියේ 2015 වසරට පෙර එම භූමිවල වගාකළ ජනතාවට මෙම ඉඩම් ලබා දෙන්නේ කාෂිකර්මාන්තය සදහාම පමණක් බවත්ය. එසේ නොමැතිව මෙම කිසිදු ඉඩමක් සින්නක්කරව ලබා නොදුන් බවද ඇය සඳහන් කළාය. එසේම මෙම ඉඩම් පවරාදීම හෝ අත්පත් කර ගැනිම තමාගේ වගකීමක් නොවන බවද ඇය ප්රකාශ කළාය.
මෙම පිරිස දිගින්දිගටම දැඩි ආවේගශීලිව ආණ්ඩුකාරවරියට අවධාරණය කළේ තම වැසියන් ඇති කරන ගවයන්ගේ තෘණභූමි සඳහා භාවිතා කරන ඉඩම් කෘෂිකර්මාන්තය සඳහා ලබාදීමට එරෙහිව අධිකරණ ක්රියාමාර්ග ගන්නා බවය.
ජාතීන් ඉලක්ක කර ගනිමින් තමන් කිසිම අවස්ථාවක ගැටළු විසදීමට කටයුතු නොකර බවත් පළාතේ සිටින සියළු පුරවැසියන්ට එක හා සමානව සේවය කිරීමට තමන් බැදි සිටින බවත් ආණ්ඩුකාරවරිය එම අවස්ථාවේ දැඩිව අවධාරණය කරමින් කියා සිටියේ මෙම ගැටළුව නිරාකරණය කිරීම සදහා සියළු පාර්ශව කැදවා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට තමන් කටයුතු යොදන බවය.
මේ සාකච්ඡාව සදහා පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන රාසමාන්ක්කම් සානකියන්, ගෝවින්දන් කරුණාකරන් , හිටපු පාර්ලිමේන්තු මන්ත්රී පි. සෙල්වරාජ්, මඩකලපුව නගරාධිපති ටී.සරවනබවන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


popular news
-
Hema Wednesday, 14 October 2020 02:11 PM
The Government policy should be to increase milk production too to meet the full requirement of the country. Therefore It is important to allocate some lands for cattle as well.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

