හිමිවරුන් 69ක් ඇතුළු 84ක් නිරෝධායනය කරයි
- 14 10 2020
- 10:42
- {{hitsCtrl.values.hits}} views
- බිමල් ශ්‍යාමන්
කහපොල සිළුමිණි පිරිවෙනේ හිමිවරුන් 69 දෙනෙකු ඇතුළු 84 දෙනකු එම පිරිවෙන තුළම ඊයේ (13දා) රාත්‍රියේ සිට නිරෝධායනය ලක් කළ බව පිළියන්දල පොලීසිය කියයි.
එහි වැඩ වසන හිමිනමකගේ සුවදුක් බැලීම සඳහා හිමිනමකගේ මවක් පසුගිය 2දා කටුනායක සිට පැමිණ පැයක් පමණ එහි ගත කර පිටව ගොස් තිබූ බව පොලිසිය කියයි.
මෙම මවට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් මෙසේ හිමිවරුන් නිරෝධානයට ලක්කර තිබේ.
හිමිවරුන් 69 දෙනකු හා එම පිරිවෙන් භූමිය ගොඩනැගිල්ලක ඉදිකිරීම් වල නිරත පෙදරේරුවන් 15 දෙනෙකු මෙලෙස නිරෝධායන ට ලක් කළ බව පිලියන්දළ පොලීසියේ නිලධාරීයෙක් පැවසීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
