පවුලේ කුඩා සාද හා හමුවීම් කොවිඩ් පැතිරෙන සාධකයක්
පවුලේ කුඩා සාද හා හමුවීම් එක්සත් ජනපදය පුරා කොවිඩ්-19 වෛරසය පැතිරීමේ ප්‍රබල සාධකයක් බවට පත්වෙමින් ඇති බව එරට රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානයේ (සීඩීසී) අධ්යක්ෂවරයා, ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් වෙත දන්වා යවා තිබේ.
"මම හිතන්නේ පොදුවේ ගත්විට ජනතාව අතර, බොහෝ ප්‍රාන්තවල ඉහළ මට්ටමේ සුපරීක්ෂාකාරී බව හා වසංගතය පාලනය කිරීමේ පියවර අපට පෙනෙනවා. නමුත් මේ වනවිට වැඩිවෙමින් පවතින තර්ජනය ලෙස අප දකින්නේ, ඇත්ත වශයෙන්ම ගෘහස්ත කුඩා සාද හා හමුවීම් හරහා සිදුවන ආසාදනයන් බව සඳහන් කළ යුතුයි." එක්සත් ජනපද රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ වෛද්‍ය රොබට් රෙඩ්ෆීල්ඩ් පැවසීය.
"විශේෂයෙන් ප්‍රශංසා කිරීමේ දේවමෙහෙයන් සමග, ගෘහස්ථ පසුබිම තුළ මෙම අඛණ්ඩ ආසාදන වර්ධනය අවම කිරීමේ පියවරයන්හි සුපරීක්ෂාකාරී බව අවධාරණය කිරීම මේ අවස්ථාවේදී අතිශය වැදගත් බව මා සිතනවා" රෙඩ්ෆීල්ඩ් පැවසීය.
එසේම සීත සෘතුවේ මාස ළඟාවෙත්ම තත්ත්වය නරක අතට හැරෙනු ඇතැයි රෙඩ්ෆීල්ඩ් හා සෞඛ්‍ය හා මානව සේවා ලේකම් ඇලෙක්ස් අසාර් ආණ්ඩුකාරවරුන්ට අවධාරණය කර තිබේ.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

