saravita-anim2

2026 අප්‍රේල් මස 09 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 09 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 8622 hours ago

LATEST

මැදපෙරදිග සිට ලාංකිකයින් පිරිසක් දිවයිනට

calendar_today 2020 නොවැ 10 - 08:13 remove_red_eye - 352  

ශ්‍රී ලංකා රජයෙන් ලබා ගත් විශේෂ අවසරය මත මැදපෙරදිග රටවල සිටි ශ්‍රී ලාංකිකයන් 34 දෙනෙකු අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ ඩොලර් බිලියන 1.75ක අධිවේගී බ්‍රෝඩ්බෑන්ඩ් අරමුදලක් ප්‍රකාශයට පත්කරමින්, සියලු කැනේඩියානුවන්ට අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබාදී වසංගත සමයේ රැකියා හා පාසල් අධ්‍යාපනයේ පැහැදිලි වෙනසක් කිරීමට සැරසෙයි.

Read More

ඇමෙරිකානු දේශපාලනයේ අවුල් වියවුල් තවදුරටත් ඔඩුදුවන බව පිළිබිඹු කරමින්, ට්‍රම්ප් ආරක්ෂක ලේකම් ධුරය අලුත් කර ඇති අතර, මැතිවරණයෙන් පසුවද දේශපාලන රැලි කිහිපයක් සංවිධානය කිරීමට ට්‍රම්ප් සූදානම් වන බවද සඳහන් වෙයි.

Read More

තේරීපත් වූ ජනපති ජෝ බයිඩන් කොරෝනා කාර්ය සාධක බලකායක් පත්කළත්, වත්මන් ජනපති ට්‍රම්ප්ගේ කාර්ය සාධක බලකායද තවමත් ක්‍රියාත්මකය. ට්‍රම්ප් බලය අත්හැරීමටද තවම සූදානම් නොමැති පසුබිමක එරට දේශපාලන අවුල තුළ වසංගතය දෙගුණ තෙගුණ විය හැකි බව කියැවෙයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 50,760,000ක ඉක්මවා ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

Read More

කඳානේ පදිංචිව සිටි අවුරුදු 84ක කාන්තාවක් කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ නිරෝධායනය වෙමින් සිටින පොලිස් නිලධාරීන් විසි එක් දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවට අද (9දා) ලැබුණු පී. සී. ආර්. පරීක්ෂණවලින් තහවුරු වන බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි.

Read More

“වසංගත ව්‍යාප්තිය හමුවේ අපට ගත හැකි විකල්ප 03ක් තියෙනවා. එක ඇඳිරි නීතිය පනවා රටම ලොක් ඩවුන් කිරීම, දෙවැන්න කිසිවක් නොකර සිටීම, තුන්වැන්න රෝගය පාලනය කරන අතර, රට සාමන්‍ය පරිදි පවත්වාගෙන යාම. අප තෝරාගත්තේ තුන්වැනි විකල්පය”

Read More

දැනට පවතින වැසි තත්ත්වය උතුර, උතුරුමැද පළාත් හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය සඳහා වැඩි අවධානම් ලෙස තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

අද (09) තවත් කොවිඩ් ආසාදිතයින් 184 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොවිඩ් 19 ආසාදනය වීමෙන් ඉතාලියේ මිලාන් නගරයේ රැකියාව කරමින් ජිවත් වු ශ්‍රී ලාංකිකයෙක් ඊයේ(08) මියගොස් තිබේ.

Read More

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු පාර්ලිමේන්තු රැස්වීම් පාර්ලිමෙන්තු මාධ්‍ය වේදීන්ගේ සහාගිත්වයෙන් තොරව පවත්වාගෙන යෑමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.

Read More

විදේශ තානාපති සේවය සදහා ශ්‍රී ලංකා රජය විසින් නම් කළ නව තානාපතිවරුන් 7 දෙනෙකුට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබද කාරක සභාවේ අනුමැතිය අද (09) හිමිවිය.

Read More

වහාම ක්‍රියාත්මක වන පරිදි කඳාන සහ මහබාගේ යන පොලිස් බලප්‍රදේශ නැවත දැනුම් දෙන තුරු හුදෙකලා කෙරේ.

Read More

මෙරට සෞඛ්‍ය සේවයට ඉතා පහසුවෙන් කොවිඩ් මර්දනය කළ හැකි බවත්, අවශ්‍ය වන්නේ ජනතා සහය බවත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි. කොවිඩ් වසංගතය “සෞඛ්‍ය” ගැටළුවකි. ඉන් ජනතාව රැකගෙන රට ඉදිරියට ගෙන යාම සෞඛ්‍ය සේවාව සහ රජය සතු වගකීමයි. ලොව ඉහළම දැනුමකින් සමන්විත මෙරට වෛද්‍යවරුන්ට සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයට එය කළහැකි බව තමා දැඩි ලෙස විශ්වාස කරන්නේ යයි ජනාධිපතිතුමා කියා සිටී.

Read More

2020 විසර්ජන කෙටුම්පත ඉදිරිපත් කරනු ලබන නොවැම්බර් 12 වැනිදා පෙරවරු 10.00 සිට රාත්‍රී 8.00 දක්වා පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (09) තීරණය කළේය.

Read More

අඟුලාන පොලිස් බලප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරී කොට්ඨාස දෙකක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර තිබේ.

Read More

අද (09) දිනයේ නව කොවිඩ් ආසාදිතයින් 172ක් හමුවී තිබේ.

Read More

හුදකලා කර තිබූ තවත් ග්‍රාම නිලධාරි කොට්ඨාස කිහිපයක් යළි විවෘත කළ බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

Read More

කඩුවෙල මහනගර සභාවේ සේවයේ නියුතු රියදුරකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අද වාර්තා වූ බව කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතා පැවසීය

Read More

ගාල්ල කරාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි අකුරැස්සේ අමලගොඩ පදිංචි කාන්තාවක් කොරෝනා ආසාදිත බව තහවුරුවීම හේතුවෙන් රෝහලේ මනෝ වෛද්‍ය ප්‍රතිකාර ඒකකය (23 වාට්ටුව) අද (09) සිට තාවකාලිකව හුදකලා කිරීමට කටයුතු කර තිබේ.

Read More

මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවය කරන සේවකයෙකුටත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවත් එම නිසා එම කාර්යාලයේ සේවය කල වෛද්‍යවරුන් ඇතුළු සියලු දෙනාගේ පී.සී.ආර්.පරීක්ෂණ සිදුකල බවත් පී.සී.ආර්.පරීක්ෂණ සිදුකල සියලු දෙනා ස්වයං නිරෝධායනයට යොමුකල බවත් මතුගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ජී.ඩී.ලයනල් මහතා පැවසීය.

Read More

තවත් කෝවිඩ් ආසාදිතයින් 595 දෙනෙක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

Read More

කළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ 15 තුළ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 663 දෙනෙකු (9) දින ට වාර්තා වී ඇතැයි කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය.

Read More

බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලට අනුයුක්ත නිලධාරීන් 256 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

Read More

රත්නපුර දිස්ත‍්‍රික්කය තුල කෝවිඩ් 19 ආසාදිතයන් ගණන ඊයේ දහවල් වනවිට (100) වු බව රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය පැවසුවාය.

Read More

පි.සි.ආර් පරීක්ෂණවලින් වාර්තා 74ක් අද 09දා දහවල් ලැබුණු අතර ඉන් 06දෙනෙකුට කොවීඩ් ආසාදනය වී ඇති බව අගලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය දමින්ද සේනානායක මහතා කියා සිටියේය.

Read More

මාසයක පමණ කාලයක් ගම්පහ දිස්ත්‍රික්කයට පනවා තිබූ නිරෝධායන ඇදිරි නීතිය අද (9) අලුයම ඉවත් කළ පසුව ජනතාව සාමාන්‍ය වශයෙන් ගම්පහ නගරයට පැමිණියද බස් ධාවනය නිසි පරිදි නොවු ආකාරයක් දක්නට ලැබිණි.

Read More

කඨින පිංකම් පැවැත්වීමේදී පූජා භූමිය තුළ රැඳිය හැක්කේ බැතිමතුන් 25ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. මෙහිදී මුව ආවරණ පැළදීම, සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීම වැනි කටයුතු අනිවාර්යයෙන්ම පිළි පැඳිය යුතු බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

Read More

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට 09 දින එළවළු විශාල ප්‍රමාණයක් ලැබී ඇතත් ඒවා මිලදී ගැනීමට ප්‍රමාණවත් වෙළෙන්දන් නොපැමිණීම නිසා අලෙවි කර ගැනීමට නොහැකිව මිලද විශාල වශයෙන් පහත වැටි ඇති බව ගොවීහු කියති.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.