saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 1138 hours ago

LATEST

ජනපති අද චීනයට

calendar_today 2025 ජන 13 - 13:45 remove_red_eye - 202  

ජනාධිපති අනුර කුමාර දිසානායක මහ අද (13දා) රාත්‍රියේ සිව්දින සංචාරයක් සඳහා චීනය බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

18 හැවිරිදි පාසල් සිසුවිය අත්අඩංගුවට ගත් පුද්ගලයා අම්පාර ප්‍රදේශයේදී අද (13දා) අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

නවසීලන්ත විස්සයි 20 සහ එක්දින ක්‍රිකට් තරගායලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (13දා) යළි දිවයිනය පැමිණියහ.

Read More

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් අවට ලැව්ගිනි ඇති කළ සුළං මෙම සතියෙත් වර්ධනය වන බවට කැලිෆෝනියා අනාවැකි කරුවන් අනතුරු අගවා තිබේ.

Read More

ඕස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ මේ වන විට පෙරමුණ ගැනීමට සිඩ්නි සික්සර්ස් කණ්ඩායම සමත්ව තිබේ.

Read More

2024 වසරේදී ශ්‍රී ලාංකිකයන් දන්දුන් ඇස් වලින් විදේශිකයන් 3163 දෙනකුට ලෝකය දැකීමට වරම් හිමි වී තිබේ.

Read More

උසස් අධ්‍යාපන ආයතන 22 ක අධ්‍යන හා අනධ්‍යන කාර්ය මන්ඩලයන්හි 551 දෙනෙකුගෙන් බැඳුම්කර කඩකිරීම මත විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට රුපියල් මිලියන 2,262 ක මුදලක් අයවිය යුතුව ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

Read More

කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නැවත බන්ධනාගාර රෝහල වෙත රැගෙනවිත් තිබෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ආනයන බහාලුම් නිෂ්කාශනයේ ඇතිවී තිබෙන ප්‍රමාදය සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල වෙමින් තිබෙන බව රේගු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ සඳහා මූලික හේතුව වී තිබෙන්නේ බහාලුම් පරීක්ෂාව සඳහා තිබෙන ඉඩකඩ හා පහසුකම් සිමාවීම බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

Read More

2019 වසරේ සිට වර්තමානය දක්වා නායයාම් හේතුවෙන් පවුල් 3154ක් අවතැන්ව ඇති අතර ඉන් පවුල් 264ක් තවමක් තාවකාලික නිවාසවල පදිංචිව සිටින බව පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.එමෙන්ම තවත් පවුල් 128ක් වර්තමානය වන විට ඥාතීන්ගේ හෝ හිතවතුන්ගේ නිවාසවල පදිංචි වී සිටින බවද එහිදී හෙළි විය.

Read More

පොළොන්නරුව වැලිකන්ද සෙවණපිටිය ශ්‍රී කාශ්‍යපාරාමයේ දහම් පාසල් දරුවන්ට, රිලවුන්ගෙන් සිදුවන හිරිහැර සහ රිලවුන් දහම්පාසල් දරුවන් පරිහරණය කරන වැසිකිලි පද්ධතිය,ජලනල පද්ධතියේ කරාම කඩා විනාශ කිරීම සම්බන්ධයෙන් දහම් පාසල 12 වෙනි ඉරිදා සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කළ, බව සෙවණපිටිය ශ්‍රි කාශ්‍යපාරාමාධිපති උහුමීයේ සිරි සුමනරත්න නාහිමියන් සඳහන් කළහ.

Read More

වෑන් රථයකින් පැමිණ දැරිවියක් පැහැරගෙන යාමේ සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය පැහැදිලි කිරීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

2025 ජනවාරි මස 03 වැනි දින පස්වරු 3.30 ටපේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ දේශපාලන විද්‍යා අධ්‍යයනාංශයේ දේශන ශාලා අංක 08 තුළ ’’ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිළිවෙළ පරාජය කරන්නේ කෙසේද’’ යන මාතෘකාව යටතේ පැවැත්වීමට නියමිතව තිබූ මහජන රැස්වීම පේරාදෙණිය විශ්ව විද්‍යාලය මගින් තහනම් කළ බවට මාධ්‍ය මගින් පළ කරන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය වන බවත් අග්‍රාමාත්‍යවරියගේ උපදෙස් පරිදි මෙය නතර කළ බවට පලවෙන වාර්තා ද සම්පූර්ණයෙන් අසත්‍ය බවපෙරදෙණිය විශ්ව

Read More

උඩරට දුම්රිය මාර්ගයේ පැරකුම්පුර අබේවෙල දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ 33/40 අසලදී දුම්රිය මාර්ගයේ දුම්රිය යකඩ පීල්ලක් දෙකට කැඩී යාමෙන් එම අවස්ථාවේ කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ අංක 1001 දුන්හිඳ ඔඩිසි දුම්රිය නවතා ගනිමින් සිදු වීමට ගිය විශාල දුම්රිය අනතුරක් රාජකාරියේ නිරතව සිටි දුම්රිය සංචාරක මුරකරුවෙකු විසින් වහා ක්‍රියාත්මක වී වලකා ගෙන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .

Read More

මෙම වසරේ ජනවාරි මස පළවෙනි දා සිට නවවෙනිදා දක්වා දින 09 තුළදී පමණක් විදෙස් සංචාරකයන් 70,944දෙනෙක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

Read More

සමහරවිට මේ ක්‍රීඩාංගනයේ නම පවා වෙනස් කරන්න වේවි. නමට ගැලපෙන විදිහට වැඩ කරලා තියෙනවා. නමුත් නම පවතින විදිහට වැඩ කරල නැති නිසා. තවදුරටත් මේ නම යටතේ ඉදිරියට ගියොත් ජාත්‍යන්තරය පවා භය වේවි.

Read More

හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අද (12) පයාගල ප්‍රදේශයේ මාර්ගවල සැරිසරන බල්ලන්ට සහ කපුටන්ට බලු කපුටු දානයක් ලබාදුන්නේය.

Read More

දකුණු ආසියාවේ පළමු වතාවට සියයට සියයක් කාන්තා සේවක කාර්යමණ්ඩලයක් සහිත සංචාරක හෝටලය අඹ යාලු නමින් 10 දින පස්වරුවේ දඹුල්ල කණ්ඩලම ප්‍රදේශයේදි විවෘත කෙරිණි.

Read More

අධික වේගයෙන් වාහන ධාවනය කරන රියැදුරන් හඳුනා ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය විසින් ඇමරිකාවේ නිෂ්පාදිත නවීනතම වේග මාපක (SPEED GUN) භාවිතා කිරීමට යයි.

Read More

ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයට 2024 වසරේ මානසික ගැටලු සම්බන්ධව විසඳුම් ඉල්ලා දුරකථන ඇමතුම් 78000 ක් පමණ ලැබී ඇතැයි මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂඥ මනෝ වෛද්‍ය පුෂ්පා රණසිංහ ප්‍රකාශ කරයි.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ආරාධනය පරිදි 2025 ජනවාරි 14 වැනි දා සිට 17 වැනි දා දක්වා මහජන චීන සමූහාණ්ඩුවේ රාජ්‍ය සංචාරයක නිරත වෙයි.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය, කප්පලඩි මුහුදු ප්‍රදේශයේ 2025 ජනවාරි මස 10 වැනි දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ 90 ග්‍රෑම් 45 ක තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

Read More

ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ කුලපති හිමියන් එම ධුරයෙන් ඉවත්කර ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ ඉල්ලීම් වෙනුවෙන් සාධනීය පිළිතුරු ලබා දෙන තෙක්, තමන් ආරම්භ කල සත්‍යග්‍රහය අත් නොහරින බව ශිෂ්‍ය භික්ෂු සංගමය පවසයි.

Read More

සති අන්ත දිර්ඝ නිවාඩුවත් සමග ගෞතම ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට උඩරට මැණිකේ දුම්රියෙන් විශාල වන්දනාකරුවන් පිරිසක් හැටන් දුම්රිය ස්ථානය වෙත පැමිණි අයුරු දැකගත හැකි විය.

Read More

වර්ෂාවත් සමඟ උල්හිටිය රත්කිද ජලාශයේ ජල මට්ටම ඉහළ යාම නිසාවෙන් එහි පිටවානේ ගේට්ටු සියල්ල අද (12) පෙරවරුවේ විවෘත කල බව උල්හිටිය රත්කිද ජලාශ භාර නිළධාරි දීප්ත ජයසේකර මහතා පවසයි .

Read More

වාහන ආනයනය සම්බන්ධයෙන් 2024 වසරේ සැප්තැම්බර් මාසයේදී නිකුත් කෙරුණු කැබිනට් පත්‍රිකාවකට අනුව අලුතින් ආනයනය කෙරෙන වාහන සඳහා එක් කර ඇති නව බදු වර්ග හතරක් හේතුවෙන් නව වාහන ආනයන බදුවල වටිනාකම සීයට 400 - 500 අතර අගයකින් ඉහළ යනු ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා පවසයි.

Read More

උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය හා ඉදල්ගස්හින්න අතර ප්‍රදේශය නායයාමකට ලක්ව දුම්රිය මාර්ගයට ගල් පෙරළීම හේතුවෙන් උඩරට දුම්රිය ධාවනයට අද (12) උදෑසන බාධා එල්ල වී පැවති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.

Read More

එක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍ය ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතා අභාවප්‍රාප්ත විය. මිය යන විට ඒ මහතාගේ වයස අවුරුදු 97 කි.

Read More

විවිධ ප්‍ර දේශවල වි අස්වැන්න නෙලිම ආරම්භ වි ඇති හෙයින් යළිත් සහල් ආනයන කාල සීමාව දීර්ඝ කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව රජය සඳහන් කරයි.

Read More

ආයතන සහ වෛද්‍ය ක්‍රම කොතරම් පවත්වාගෙන ගිය ද එම සෑම අංශයකම හා වෛද්‍ය ක්‍රමයකම අවසාන අරමුණ විය යුත්තේ පුරවැසියා නිරෝගී සම්පන්නව තබාගැනීම බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.