බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේදී වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මධ්‍යම කඳුකරහේ බටහිර බැවුම් ප්‍ර දේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 30-40 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.