හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ශිරන්ති රාජපක්ෂ මහත්මිය අත්අඩංගුවට ගැනීම වැළක්විමට වත්මන් ජනාධිපතිට බලපෑම් කරන ලෙස මල්වතු පාර්ශවයේ මහානායක හිමියන්ට ඉල්ලීමක් කරන ලද බවට සමාජ මාධ්‍යන්හි ප්‍රචාරය වන පුවත සාවද්‍ය හා පදනම් විරහිත එකක් බව මල්වතු මහා විහාරයේ උප ලේඛකාධිකාරි මහවෙල රතනපාල හිමියන් නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටිති.
මෙම නිවේදනය නිකුත් කරනු ලබන්නේ මහානායක හිමිපාණන් වහන්සේගේ උපදෙස් හා නියමයන් මත බවද එම ලිපියේ සදහන්ව ඇත.
එවනි හමුවක් හෝ දුරකථන සංවාදයක් සිදුවි නොමැති අතර මෙවැනි සාවද්‍ය පුවත් නිර්මාණය කරමින් හා ප්‍රචාරය කරමින් අනවශ්‍ය ජන කැළඹිමක් සිදුකිරිමට උත්සහ දරන පුද්ගලයින් හා සංවිධාන සම්බන්ධයෙන් ඉිදිරියේදී නෛතික ත්රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ලබන බව එම ලිපියේ සදහන්ව ඇත.
