මත්පැන් නිෂ්පාදනය සඳහා මෙරටට අවශ්‍ය සහල් මින් ඉදිරියට පිටරටින් ආනයනය කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන බව කෘෂිකර්ම ඉඩම් වාරිමාර්ග හා පශු සම්පත් අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා පවසයි.
ගන්නොරුව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පැවති වැඩසටහනකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ මත්පැන් නිෂ්පාදනය සඳහා ආනයනය කරන සහල් දේශීය වෙළඳපොළට නිකුත් වීම වැළැක්වීම සඳහා සුදුසු වඩපිළිවෙලක් යොදන බවයි.
මාස් කන්නයේ අවශ්‍ය ඉක්කගත වී අස්වැන්න නොලැබුන බැවින් පාරිභෝගිකයන්ගේ පැත්තෙන් ඉදිරියේදී අභියෝග ඇතිවිය හැකි බවත් කාලගුණික තත්ත්වයේ අයහපත් බලපෑම හේතුවෙන් එවැනි තත්ත්වයක් ඇති වූ බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
පාරිභෝගිකයන්ට එය අභියෝගයක් ලෙස දැනීමට ඉඩ නොතබන බවත් අවශ්‍ය සහල් තොග විධිමත් ක්‍රමවේදයක් යටතේ විදේශ රටවලින් ආනයනය කිරීමට පියවර ගන්නා බවද පැවසීය.
ඉදිරියේදී රටේ සහල් හිඟයක් ඇතිවීමට ඉඩක් නොමැති බව ස්ථිර වශයෙන් ප්‍රකාශ කළ හැකි බව පැවසූ අමාත්‍යවරයා විපක්ෂ නමැති අදේශපාලනික සත්ව වර්ගයා පසුගිය සිංහල හා දෙමළ අවුරුදු සමයේදී කිරිබත් කන්නත් සහල් නැතිවන බවට සාවද්‍ය මත සමාජ ගතකිරීමට උත්සාහ කළ බවත් නමුත් එවැනි හිගයක් ඇති නොවූ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.