saravita-anim2

2026 පෙබරවාරි මස 13 වන සිකුරාදා

2026 පෙබරවාරි මස 13 වන සිකුරාදා

Latest News - timelapse 8320 hours ago

LATEST

කළුතරින් කොරෝනා ආසාදිතයින් 1155ක්

calendar_today 2020 නොවැ 24 - 16:47 remove_red_eye - 773  

කළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ 15 තුල කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව 1155 දක්වා ඉහළ ගොස් ඇතැයි කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා පැවසීය .

කොව්ඩ් -19 වෛරසය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් ආසාදිතයින් 465 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

වාරිමාර්ග ව්‍යාපෘති සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේදිී එම ඉඩම් සඳහා වන්දි ලබා දීම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර සිදුකළ යුතු බව වාරිමාර්ග අමාත්‍ය සහ අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා වාරිමාර්ග කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට පාර්ලිමේන්තුවේදී ඊයේ (23දා) එක් වෙමින් පැවසීය.

Read More

කොරියානු ජනරජයේ රැකියා අවස්ථා ලබාගැනීම සඳහා වන විභාග වලට පෙනී සිට ඉන් සමත් වූ පිරිස කොරියානු රැකියා සඳහා පිටත්කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළදපල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා හා අමාත්‍යාංශයේ ලේකම් සමග ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉහල නිළධාරීන් විසින් විශේෂ සාකච්ඡාවක් ඊයේ දින (23දා) පවත්වන ලදී.

Read More

පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් වූ චෝදනාවක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු ඇප මත මුදා හැර තිබේ.

Read More

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය තොග ජාවාරම් කළේ යැයි චෝදනා මත අත්අඩංගුවට ගත් නිලධාරීන් 13 දෙනා ලබන 7 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

Read More

භූ විද්‍යා සම්පත් හා පතල් කාර්යාංශයේ කොළඹ කාර්යාලයේ නිලධාරින් සහ අරලගංවිල පොලිස් විශේෂ කාර්ය බළකා කදවුර නිලධාරින් එක්ව අද (24) පොළොන්නරුව 28 කනුව ප්‍රදේශයේ කලක පටන් නීතීවිරෝධිව පවත්වාගෙන ගිය වැලි ගබඩාවක් සහ එහි හිමිකරු අත්අඩංගුවට ගත් බව භූ විද්‍යා සම්පත් හා පතල් කාර්යාංශයේ නිලධාරින් පවසයි.

Read More

රන්වන් හා සුදු පැහැති වර්ණ දෙකකින් යුත් මීමින්නෙකු නාත්තන්ඩිය තබ්බෝව ප්‍රදේශයේදී ගම්වැසියන්ට හමුව පුත්තලම වන ජීවි දිස්ත්‍රික් කාර්යාලයට භාර දිමට කටයුතු කර තිබේ.

Read More

කිලිනොච්චිය දිස්ත්‍රීක්කයෙන් කොවිඩ් 19 වෛරසය ආසාදිතයෙකු වාර්තා වීමත් සමග කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ පිහිටි සියලුම පාසල් අද (24) සිට වසා තැබීමට පියවර ගත් බවට උතුරු පලාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් එල්.ඉලංකෝවන් මහතා නිවේදනය කොට ඇත.

Read More

තද වැසි තද සුළං හා රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අනතුරු ඇගවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

Read More

පසුගිය ආණ්ඩුව ගෙදර යැවීමට උපදෙස් දුන් උපදේශක මණ්ඩලයමද මේ අපි පත්කරගත් ආණ්ඩුව විනාශ කිරීමට උපදෙස් ලබා දෙන්නේද යන සැකය දැන් අපට ඇතිවී තිබෙනවා .එය එසේමද කියා මේ රජයෙන් අප අසා සිටිනවා.

Read More

කුරුණෑගල ප‍්‍රධාන තැපැල් කාර්යාලයේ කොරෝනා වෛරසය ආසාදිතවූ පුද්ගලයකුගේ ආශ‍්‍රිතයෙකු වූ අලව්ව ප‍්‍රදේශයේ පදිංචි ගුරු මහතෙකුගේ පී සී ආර් පරීක්ෂණ වාර්තා ලැබෙන තුරු ඔහු සේවය කරන වෙන්නප්පුව අධ්‍යාපන කොට්ඨාසයට අයත් වෑකඩ මහා විද්‍යාලය අද 24 සිට ලබන සිකුරාදා දක්වා වසා තැබීමට එම විද්‍යාලයේ පාසල් සංවර්ධන කමිටුව තීරනය කර ඇති බව දංකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය කියයි.

Read More

ගාල්ල දිස්ත්‍රික්කයට මන්ත්‍රී ධූරය සුදුසු වුණත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නම යෝජනා කරන්නේ ජාතික අවශ්‍යතාවයක් නිසායි

Read More

ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ වැයශීර්ෂ සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබේ.

Read More

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සාක්ෂි ලබාදීම සඳහා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට පැමිණ තිබේ.

Read More

අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් කොවිඩ් ආසාධිතයන් 39 දෙනෙකු වාර්තා වාර්තාවීමත් සමඟ එම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ තෙලඹුගහවත්ත හා බුළුගෙහෝතැන්න යන ග්‍රාම නිලධාරී වසම් වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ .

Read More

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ඊයෙ පස්වරුවේ ආරම්භ කළ විරෝධය අද දෙවැනි දිනටත් ක්‍රියාත්මකව පවතින බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.

Read More

මුහුණු ආවරණ නොපැලදීම සහ පුද්ගල දුරස්ථභාවය තබා නොගත් පුද්ගලයින් 62ක් ගෙවුණු පැය 24 කාලය තුළදී අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.

Read More

කොවිඩ් 19 ආසාදිතයෙක් බවට පී.සී.ආර්. පරීක්ෂණයකින් තහවුරුවූ පස්සර කනවරැල්ල පදිංචිකරුවෙක් ඊට දින කීපයකර පෙර පස්සර පොලිස් ස්ථානයට පැමිණීමේ හේතුවෙන් ඔහු පොලිස් ස්ථානයට පැමිණි අවස්ථාවේ සේවයකළ පොලිස් නිලධාරින් 6 දෙනෙකු ආශ්‍රිතයන් සේ සැකකර ඊයේ සිට ඔවුන්ගේ නිවෙස් තුළම ස්වයං නිරෝධායනයට ලක් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය .

Read More

පොලිස් දෙපාර්තමේන්තුව ආශ්‍රිතව හඳුනාගැනුණු කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව ද‍හසේ සීමාව ඉක්මවා ගොස් ඇත.

Read More

සීමා ඉවත් කිරීම් සිදුවන්නේ කවර ප්‍රදේශවලද යන්න සැලසුම් කිරීම බ්‍රහස්පතින්දා සිදුකරන බවද අගමැති බොරිස් ජොන්සන් පවසයි.

Read More

කන්තලේ පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත රුපියල් හැටඅ​ට ලක්ෂ අසූ දෙදහසක් පමණ වටිනා ඇමෙරිකානු ඩොලර් නෝට්ටු372 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ

Read More

මැදපෙරදිග රටවල් දෙකක රැකියා සදහා ගොස් යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එම රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 188 දෙනෙකු ශ්‍රී ලංකා රජයේ විශේෂ අවසරය මත 11/24 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

සෞඛ්‍ය සේවා පද්ධතිය වඩා හොඳ තත්ත්වයක පැවතීම සඳහා දෛනිකව නව ආසාදිතයන් 500කට වඩා අඩු සංඛ්‍යාවක් ලබාගැනීම මෙම නවතම ලොක්ඩවුන් සීමාවන්ගේ අරමුණ බව ලක්සම්බර්ග් බලධාරීන් පවසයි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රයිසස් අවධාරණය කරන්නේ, ලොව පුරා එන්නත් සමානව බෙදාහැරිය යුතු බවත්, මෙවැනි බෙදාහැරීමේ යෝජනා ක්‍රමයක් සඳහා ඇ.ඩො.බිලියන 4.3ක් අවශ්‍ය බවත්ය.

Read More

මෙම එන්නත සෙල්සියස් අංශක 2 සිට 8 දක්වා උෂ්ණත්වයක ස්ථායී බව හෙළිවෙයි. ඊට සාපේක්ෂව, ෆයිසර් එන්නත සෙල්සියස් අංශක සෘණ 75ක පමණ ගබඩා කළ යුතුව ඇති අතර, එය එන්නත් ප්‍රවාහනයේදී අතිශය සංකීර්ණ ක්‍රියාවලියකි.

Read More

චැං -5 රොබෝ අභ්‍යවකාශ රෝවරය රැගත් ලෝන්ග් මාච් 5 රොකට්ටුව දේශීය වේලාවෙන් අඟහරුවාදා අලුයම වෙන්චැං හි අභ්‍යවකාශ දියත් කිරීමේ සංකීර්ණයෙන් දියත් වූ අතර, එය දෙසැම්බර් මැද භාගයේදී නැවත පෘථිවියට පැමිණීමට නියමිතව තිබේ.

Read More

නොවැම්බර් 19 වැනිදාන් අවසන් සතිය තුළ එක්සත් ජනපදයේ ළමයින් අතර නව කොවිඩ්-19 ආසාදිතයන් 144,000කට වඩා වාර්තා වී ඇති අතර, එරට තහවුරු වූ ආසාදිතයන්ගෙන් 11%ක් ළමයින් බව කියයි.

Read More

ධවල මන්දිරයේ නත්තල් ගස් තෝරා ගැනීම සාමාන්‍යයෙන් ජාතික නත්තල් ගස් සංගමය විසින් අධීක්ෂණය කරනු ලබන අතර එය 1966 සිට නිල නත්තල් ගස ලබා දී ඇත. නමුත් මේ වසරේ විධිමත් තේරීම් උත්සවයක් සිදු වී නොමැති බවද කියයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව ලක්ෂ 14ක සීමාව වෙත පැමිණ ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද කිසිලෙසකත් මුඛ ආවරණ. දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව නොහැසිරෙන ලෙස අවධාරණය කෙරෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.