පිල්ලෙයාන්ට ඇප
පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් වූ චෝදනාවක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු ඇප මත මුදා හැර තිබේ.
ඒ මඩකලපුව මහාධිකරණය විසින්.
2005 වර්ෂයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු නැගෙනහිර පළාත් මහ ඇමැති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු 05 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබිය.
අද දිනයේදී සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන්ව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසයි මඩකලපුව මහාධිකරණ විනිසුරු ඩි. සුසෙයි දාසන් විසින් නියෝග කරනු ලැබුවේ.
popular news
-
මහේල Tuesday, 24 November 2020 06:36 PM
Respect sir.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

