කොරෝනා වෛරසය ආසාදනය වු අම්බලන්ගොඩ තිලකපුර ප්‍රදේශයේ පදිංචි මවුපිය යුවලගේ දරු දෙදෙනා ඇතුළු පවුලේ 06 දෙනෙකු පි.සි.ආර් පරික්ෂණයට ලක්කළ බවත් ඉන් කිසිදු අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි නොමැති බවට තහවුරුවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
රැකියා සදහා ගොස් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මැදපෙරදිග රටවල් තුනක රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 116 දෙනෙකු ශ්‍රී ලංකා රජයේ විශේෂ අවසරය මත අද දින අලුයම එම රටවල සිට පැමිණි ගුවන් යානා තුනකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
Read Moreශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2020 නොවැම්බර් 25 වැනි දින පැවති රැස්වීමේදී මහ බැංකුවේ ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය මෙසේ අඛණ්ඩව පවත්වාගෙන යෑමට තීරණය කර ඇත.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටියේ ’’පසුගිය සති කිහිපය තුළ රටවල් ගණනාවක් දැඩි මහජන සෞඛ්‍ය හා සමාජ ක්‍රියාමාර්ග නැවත හඳුන්වාදීම සම්ප්‍රේෂණය මන්දගාමී වීමට හේතු වෙමින් ඇති’’ බවය.
Read Moreඑන්නත අනුමත කිරීමේ අපේක්ෂාවෙන් දෙසැම්බර් මැද භාගය වනවිට ප්‍රතිශක්තිකරණ මධ්‍යස්ථාන පිහිටුවන ලෙස රටේ ප්‍රාදේශීය ප්‍රාන්ත 16න්ම ඉල්ලා සිටි බව ජර්මානු සෞඛ්‍ය අමාත්‍ය ජෙන්ස් ස්පාන් පවසයි.
Read Moreඑන්නත බෙදාහැරීම ආරම්භ වූ විට තමාද එන්නත ලබාගන්නා බවත්, ඒ වනවිට එය සම්පූර්ණයෙන්ම ආරක්ෂිත බව තහවුරු වීම ඊට හේතුව බවත් ඉතාලි අගමැති කොන්ටේ පැවසීය.
Read Moreමෙම එන්නත් වැඩිහිටියන්ට, සාත්තු සේවකයන්ට සහ වෛද්‍ය සේවකයන්ට මුලින් ලබාදීමට ඔවුන් බලාපොරොත්තු වන අතර, ලබන ගිම්හානය වනවිට ඔස්ට්‍රියාව යථා තත්ත්වයට පත්වනු ඇතැයි තමා විශ්වාස කරන බව ඔස්ට්‍රියා චාන්සලර් කුර්ස් පවසයි.
Read Moreවීඩියෝ සන්නිවේදන සමාගම ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ සාමාන්‍යයෙන් නොමිලේ රැස්වීම් සඳහා ලබාදෙන මිනිත්තු 40ක කාල සීමාව නොවැම්බර් 26 වැනි දින ගෝලීය වශයෙන් ඉවත් කරන බවය.
Read Moreමේ වනවිට, වයස අවුරුදු 12 ට අඩු ළමයින් ෆයිසර් කොරෝනා වෛරස එන්නත සඳහා පරීක්ෂා කරමින් සිටියි. කුඩා දරුවන් තුළ එය ආරක්ෂිත යැයි පෙනේ නම්, කුඩා ළමයින් තුළ එන්නත පරීක්ෂා කිරීම නියාමකයින් විසින් සලකා බලනු ඇත.
Read Moreගෙවීගිය පැය 24 තුළ ජර්මනිය කොරෝනා වෛරසය සම්බන්ධ මරණ 410ක් වාර්තා කිරීමෙන් පසුව මෙම නිවේදන නිකුත් වී තිබේ. එය ජර්මනියේ ආසාදන පැතිරයාම ආරම්භ වූදා සිට මාරාන්තික ලෙස මරණ සංඛ්‍යාව ඉහළ ගිය අවස්ථාවකි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,418,000ක සීමාව වෙත පැමිණ ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.
Read Moreඅද (25) දින තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වී තිබේ.
Read Moreමේ අනුව පෑලියගොඩ හා මිනුවන්ගොඩ කොවිඩ් පොකුරුවලට සම්බන්ධව ආසාදිතයන් 17938ක් වාර්තා වී තිබේ.
Read Moreජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ලබාදීමට නියමිත අයි.සී.සී. දශකයේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ නිර්දේශ නාම කිහිපයක් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ලසිත් මාලිංග හා රංගන හේරත් සම්මාන කිහිපයක් වෙනුවෙන් නිර්දේශවී තිබේ.
Read Moreකොවිඩ් වෛරසය ආසාදනය වූ පොලිස් නිලධාරීන් ගණන 1095ක් දක්වාත් වෛරසය ආසාදනය වූ පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයන් ගණන 256 ක් දක්වාත් ඉහළ ගොස් තිබේ.
Read Moreවත්තල ප‍්‍රදේශයෙන් අද දින තවත් කොරෝනා වෛරස ආසාදිතයන් 30 දෙනෙකු වාර්තා වුන අතර මේ වන විට වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ කොරෝනා ආසාදිතයන්ගේ ගණන 926 දක්වා ඉහල ගොස් ඇති බව වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි යු ඇසින්ඩා මහත්මිය පවසයි.
Read Moreහුදෙකලා කර තිබූ බණ්ඩාරගම පොලිස් වසමේ කිරිමන්තුඩුව ග්‍රාම නිලධාරී වසම හුදකලා තත්ත්වයෙන් ඉවත් කළ බවද එම මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි.
Read Moreපෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 294ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreබීමතින් රතිඤ්ඤා පත්තු කරමින් හෝමාගම මූලික රෝහලේ ප්‍රධාන ගේට්ටුව අභියස කලහකාරීව හැසිරුණු පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (24) දා රාත්‍රී අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය පවසයි.
Read Moreතොටගමුව පාලම අසලින් දිය නෑමට ගිය අට හැවිරිදි පිරිමි දරුවකු හා සත් හැවිරිදි දියණියක අද (25 ) පස්වරුවේ දියේ ගිලී මරුමුවට පත්වී ඇතැයි මීටියාගොඩ පොලීසිය කියයි.
Read Moreමහනුවර නගරයේ සියලුම පාසැල් දෙසැම්බර් මස 04 වෙනිදා දක්වා වසා තැබීමට තීරණය කර ඇත.
Read Moreලංකා ගමනාගමන මණ්ඩලයේ දැනට පවතින අබලන් වූ බස්රථ 400 ක් ප්‍රතිසංස්කරණය කොට ලබන ජනවාරි පළමුවැනි දින ධාවන බල ඇණියට එක්කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ අද (25) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
Read Moreලංකාවේ පළමු වරට ඩ්‍රෝනා කැමරා තාක්ෂණය යොදාගෙන ගුවනේ සිට කුඹුරු යායකට කාබනික දියර පොහොර ඉසිම පිළිබඳ අත්හදා බැලිමේ වැඩසටහනක් අද (25දා) රත්ගම පන්විලදී සිදුකෙරණි.
Read Moreපවතින අධික වර්ෂාව නිසා ඊයේ (24) සවස දෙල්තොට ගෝනංගොඩ පට්ටියගම ප්‍රදේශයේ නිවසක් මතට ඊට ඉහලින් ඇති නිවසක බැම්මක් කඩා වැටීමෙන් දැඩි අලාභහානි සිදුවී ඇත.
Read Moreආණ්ඩුව විසින් වැඩකරන ජනතාවගේ විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 55 සිට 60 දක්වා වැඩිකිරීම පිටුපස යටි අරමුණක් සැඟවී තිබෙන බවත් එම යටි අරමුණ වන්නේ, වසරකට විශ්‍රාම යන 100,000 ක පමණ පිරිසකගේ සේවක අර්ථසාධක පාරිතෝෂිකය ලබානොදී එය ආණ්ඩුවේ අයවැය හිඟය පියවාගැනීමට යොදවා ගැනීම බව හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
Read Moreපළමු වරට ඔන්ලයින් තාක්ෂණය යොදාගනිමින් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ( කෝප් ) හෙට ( 26 ) පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
Read Moreසෞඛ්‍යය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හා චීන රජයේ නව ශ්‍රී ලංකා තානාපති කී ෂෙන්හොන් මහතා අතර විශේෂ හමුවක් අද (25දා) චීන තානාපති කාර්යාලයේ දී පැවැත්විණි.
Read Moreකොවිඩ් 19 ආසාධිතයෙක් බව ඉකුත් 23 වනදා පී.සී.ආර්. වාර්තාවකින් තහවුරු වූ පස්සර කනවරැල්ලවත්තේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයාගේ 73 වියැති මව, 41 වියැති බිරිඳ, 20 සහ 21 වියේ පසුවන පුතුන් දෙදෙනෙක් 18 වියැති දියණිය 38 වැනි වියේ පසුවන නෑනා (සහෝදරයාගේ බිරිද ) යන 6 දෙනා ද කොවිඩ් 19 ආසාදිතයන් බවට අද (25දා) හඳුනාගත් බව පස්සර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
Read Moreබේරුවල ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙකු කොවිඩ් ආසාදිතයකු වීම හේතුවෙන් රෝග ආවේක්ෂණ කටයුතු සඳහා ආශ්‍රිතයන් හඳුනාගෙන එම මන්ත්‍රීවරයා ඇසුරු කළ සමීප ආශ්‍රිතයන් 200 කගේ පමණ පී.සී.ආර් පරීක්ෂණ අද (25) දර්ගානගරයේ දී සිදුකළ බව කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යාතනයේ ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ජේ සිංහබාහු මහතා පැවසීය.
Read Moreතවත් කෝවිඩ් ආසාදිතයින් 465 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.ඒ අනුව පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 14,961 ක් දක්වා ඉහල ගොස් ඇත.
Read More