saravita-anim2

2026 පෙබරවාරි මස 13 වන සිකුරාදා

2026 පෙබරවාරි මස 13 වන සිකුරාදා

Latest News - timelapse 8323 hours ago

LATEST

කෝවිඩ් මරණ ගණන 90 දක්වා ඉහළට

calendar_today 2020 නොවැ 23 - 22:52 remove_red_eye - 1223  

මෙරට සමස්ත කෝවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 90ක් දක්වා ඉහල ගොස් ඇත. ඒ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 03ක් අද දිනයේදී වාර්තා වීමත් සමගයි.

කොවිඩ් ආසාදිත වු තවත් 131 දෙනෙක් අද (23) හදුනාගෙන තිබේ.

Read More

කොවිඩ් 19 හේතුකොට ගෙන තමිල්නාඩුවේ සිරවී සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව මව්රටට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ප්‍රකාශ කර සිටී.

Read More

ජා-ඇල පොලිස් බල ප්‍රදේශයේ දින 46 ක් පුරා පැවති ඇදිරි නීතිය 23 දා අලුයම 05.00 ට ඉවත් කලද ජා-ඇල පොදු වෙළදපොළ තවදුරටත් වසා තැබීමට තීරණය කර ඇත.

Read More

ව්‍යාපාරික ස්ථාන රැසකින් සමන්විත කුරුණෑගල මහ වීදියෙන් කොරෝනා ආසාදිතයින් වාර්තා වීම සැලකිල්ලට ගෙන එම වීදියට සංචරණ සීමා පනවා අද (23) පෙරවරුවේ සිට තාවකාලිකව වසා දැමීමට කුරුණෑගල මහ නගර සභාව පියවර ගෙන ඇත.

Read More

අද (23) දිනය තුළ කෝවිඩ් ආසාදිතයින් 204ක් වාර්තා වෙයි

Read More

කොවිඩ් 19 වෛරසය ශීඝ්‍රයෙන් පැතිරයාම හේතුවෙන් හදිසියේ වසාදැමු පාසල් නැවත විවෘත කිරීම සිදු කෙරුණත් අනුරාධපුර හා පොළොන්නරුව දිස්ත්‍රික්ක වල (උතුරු මැද පළාත) රජයේ පාසල් 14ක් අද (23) දින විවෘත කිරිමට නොහැකිවු බව උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිර්මලා ඒකනායක මහත්මිය පැවසීය.

Read More

තුන්වැනි පාසල් වාරය සඳහා දිවයිනේ පාසල් 5100කට ආසන්න සංඛ්‍යාවක් 6-13 ශ්‍රේණි සිසුන් වෙනුවෙන් අද (23) සිට ආරම්භ කරන ලද අතර, එම පාසල්වල ගුරුවරුන්ගේ සහ සිසුන්ගේ පැමිණීම සතුටුදායක මට්ටමක පවතින බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේය.

Read More

අලුත් මාලිංග කිලිනොච්චියෙන් සොයා ගනී

Read More

විශ්වවිද්‍යාල සඳහා 2019 සහ 2020 අධ්‍යයන වර්ෂය වෙනුවෙන් සිසුන් ලියාපදිංචි කිරීම අද සිට ආරම්භ වි තිබේ.

Read More

දිපාවලි උත්සවයෙන් පසු බස්නාහිර පළාතෙන් වතුකරයට පිරිස් පැමිණිම නිසා වතු ආශ්‍රිත ප්‍රදේශවලින් කොවිඩ් 19 වෛරසය ආසාදනය වු ආශ්‍රිතයක් විශාල වශයෙන් හමුවන බව මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඩි.චන්ද්‍රරාජන් මහතා පැවසිය.

Read More

මහරගම ඇරැව්වල ධර්මපාල විදුහල් ක්‍රීඩාංගණයේදී 17 හැවිරිදි පාසල් සිසුවෙකුට වායු රයිෆලයකින් පපුවට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා නුගේගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 2 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහේස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් මහතා නියෝග කළේය .

Read More

අද (23) දිනය තුළ කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි 428 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අංශ පවසති.

Read More

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින ජාතික පාසල් අතරින් විදුහල්පති පුරප්පාඩු පවතින ජාතික පාසල් 170ක් සඳහා අයදුම්පත් කැඳවීම 2020.11.06 වැනිදායින් ආරම්භ කෙරුණු අතර අදාල අයදුම්පත් භාරගැනීම 2020.12.04 වැනිදායින් අවසන් වේ.

Read More

වැලිකඩ බන්ධනාගාරයේ සිට මහර බන්ධනාගාරයේ රදවා තැබීමට රැගෙන විත් සිටි රැදවියකු කොවිඩ් ආසාධනය වීම නිසා මරණයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

Read More

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන පාසල් පහක් (23) දින ආරම්භ නොකල බව හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක පි.ශ්‍රිදරන් මහතා පැවසිය.

Read More

එක්සත් ජාතික පක්ෂ මහලේකම්, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

Read More

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂහට පනවා තිබු විදේශ ගමන් තහනම ඉවත් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළේය.

Read More

ගම්පහ, නිට්ටඹුව ප්‍රදේශයේ සිට පැමිණ තලවකැලේ නගරයේ සංචාරක නිවාඩු නිකේතනයක නතරව සිටි පුද්ගලයන් 12කු හා එහි සේවකයන් හතර දෙනෙකු ඇතුළු පුද්ගලයන් 16කු ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.

Read More

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් අද උදෑසන සිට ආහාර වර්ජනයක් ආරම්භ කර ඇතැයි බන්ධනාගාරය ආරංචි මාර්ග කියයි.

Read More

2020 වර්ෂයේ 11 ශ්‍රේණියට ඇතුළත් ව සිටින, මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා ප්‍රථම වරට මුහුණදෙන සිසුන්ගේ සියලු විෂය නිර්දේශ මේ වන විට ආවරණය කර ඇති මට්ටම පිළිබඳව අදාළ විෂයභාර ගුරුවරුන්ගෙන් විමසා බැලීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

Read More

හබරාදුව නිලපියස නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පොලිස් නිලධාරින් දෙදෙනෙකුට හා පොලිස් නිලධාරිනියන් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බව තහවුරු වී ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසයි.

Read More

2021 වසර සඳහා වන අයවැය කාරක සභා අවස්ථාව පිළිබඳ විවාදය අද (23) සිට ආරම්භ වෙයි.

Read More

දිනකට මුහුණු ආවරණ මිලියන 06ක් පරිසරයට එකතුවෙන බවත් මීලග පාරිසරික අර්බුදය මුව ආවරණවලින් ආරම්භ විය හැකි බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

හෘදයාබාධයක් හේතුවෙන් පසුගිය 15දා කොරියාවේදි මියගිය තරුණයාගෙ අවසන් කටයුතු ලංකාවේ ඔන්ලයින් ආගමික වතාවත් මැද අද (23දා) සිදු කෙරිනි.

Read More

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින රැඳවියන් 6334 දෙනෙකුගේ නඩු කටයුතු කඩිනම් කිරීමට පියවර ගන්නා බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්තාපන රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

බස්නාහිර පළාතෙන් පිටත පාසල් අද දිනයේදී ආරම්භ කළ බවත් එහිදී පාසල් සිසුන් ප්‍රවාහනය කරන සියලුම ප්‍රවාහන මාධ්‍යයන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

සැමවිටම සංචරණය සීමා කරමින් කටයුතු කළහොත් ඉතිරි ප්‍ර දේශද ඉක්මනින්ම හුදෙකලා කිරීමෙන් ඉවත් කිරීමට හැකියාව ලැබෙනු ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවැසීය.

Read More

විදේශ රටවල රැකියා සදහා ගොස් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එම රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 303 දෙනෙකු 11/23 දින අලුයම කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ ඔස්සේ යළි මෙරටට පැමිණ තිබේ .

Read More

G20 රියාද් සමුළුවේ දෙවැනි සැසිවාරයට බීජිං නුවර සිට වීඩියෝ සබැඳියක් හරහා සහභාගී වෙමින් චීන ජනාධිපති ෂී ජින්පිං මෙම ප්‍රකාශය කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.