එජාපයෙන් පාර්ලිමේන්තු යා යුත්තේ රනිල් වික්රමසිංහයි - වජිර
එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ යුත්තේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බව හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවැසීය.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවැසීය.
“එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තුව නියෝජනය කළ යුත්තේ රනිල් වික්‍රමසිංහ මහතාමයි. ඇත්තවශයනේ මෙවැනි අවස්ථාවක එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයත්, මන්ත්‍රී ධූරයත් නියෝජනය කළ යුතු එකම සුදුසු පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතායි.
එතුමා දේශීය වශයෙනුත්, ජාත්‍යන්තර වශයෙනුත් තමන්ගේ අත්දැකීම් පලපුරුද්ද ලබන වර්ෂයේ අග භාගය වන විට රටේ ජනතාව පත්වන අති දුෂ්කරතාවයෙන් ගොඩ ගැනීම සඳහා එතුමාගේ දැනුම, පළපුරුද්ද, හැකියාව අනිවාර්යයෙන්ම භාවිතා කළ යුතුය.
එය එතුමාට පැහැර හැරිය නොහැකි පසුබිමක එතුමාගේ කැමැත්ත, අකමැත්ත කෙසේ වෙතත් එතුමාගේ වගකීමක් තියෙනවා වැටුණු එක්සත් ජාතික පක්ෂය වට්ටල භාර දෙන්න ඕනද, නැගිට්ටවලා භාර දෙන්න ඕනද කියන එක. එතුමා පස්වතාවක් අග්‍රාමාත්‍ය ධූරය දරමින් එක්සත් ජාතික පක්ෂය සුරක්ෂිත කරමින්, එක්සත් ජාතික පක්ෂය බලයට ගෙන ඒම සඳහා ක්‍රියා කරලා තියෙනවා.
අපේම පක්ෂයේ ඇතැම් පිරිස් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පහර දීම හරහා සිදු වූයේ එක්සත් ජාතික පක්ෂය නැති වීමත්, රටේ ජනතාවගේ අනාගතය විනාශ වීමත් පමණයි. එය පරාජය කිරීම ඔබ විසින් කළ යුතුමයි.
ගාල්ල දිස්ත්‍රික්කයට මන්ත්‍රී ධූරය සුදුසු වුණත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නම යෝජනා කරන්නේ ජාතික අවශ්‍යතාවයක් නිසායි”
popular news
-
Demuni Uduwara Tuesday, 24 November 2020 08:40 PM
The facts Vajira highlighted is exactly correct hence the entrance of Ranil Wickramasingha into the Legislature is a must.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

