saravita-anim2

2026 පෙබරවාරි මස 13 වන සිකුරාදා

2026 පෙබරවාරි මස 13 වන සිකුරාදා

Latest News - timelapse 8316 hours ago

LATEST

රිෂාඩ් බදියුදීන්ට ඇ​ප

calendar_today 2020 නොවැ 25 - 13:16 remove_red_eye - 703  

රක්ෂිත බන්ධනාගාරගතව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන්, කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව මීට සුළු මොහොතකට පෙර ඇප මත නිදහස් කර තිබේ.

දකුණු පළාතේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 246ක් දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

Read More

දේශීයව යතුරුපැදි එකලස් කිරීම සහ යතුරු පැදි අමතර කොටස් නිෂ්පාදනය කිරීම දිරිමත් කිරීම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම කඩිනම් කරන ලෙස ඊයේ (24දා) යතුරුපැදි එකළස්කරුවන් සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අතර පැවති සාකච්ජාවකදී අමාත්‍යවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නේය.

Read More

2020.11.18 වන දින මහනුවර දිස්ත්‍රික්කයේ අලුත්වත්ත, අඹකොටේ, දිගන, මයිලපිටිය, අනුරවත්ත සහ හාරගම යන ප්‍රදේශවලට වාර්තා වූ භූ කම්පනයට අදාළ වාර්තාව එම විද්වත් කමිටුව විසින් පරිසර අමාත්‍යවරයා වෙත භාරදී තිබේ.

Read More

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ පාරිසරික ඇගයීම් සිදුකිරීම වයඔ පළාත් සභාවේ පරිසර අධිකාරිය මගින් පමණක් සිදුකිරීම ප්‍රමාණවත් නොවන බවත් අහසට දූවිලි එක් වීම වැනි කාරණා රටටම බලපාන බැවින් මෙවැනි වැදගත් පාරිසරික ඇගයීම් සඳහා මධ්‍යම පරිසර අධිකාරීය සම්බන්ධ වීම ඉතා වැදගත් බවත් කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා නිර්දේශ කළේය.

Read More

කාන්තා නිලධාරිනියකට පහරදුන් උඩුගම්පොල මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයේ ඉංජිනේරුවරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

බන්ධනාගාරගතව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර හට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට සාක්ෂි ලබාදිමට පැමිණ තිබේ.

Read More

කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන් හමු වීම හේතුවෙන් මේ වන විට සංචරණ සීමා පනවා ඇති අකුරණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් බුළුකොහොතැන්න සහ තෙළඹුගහවත්ත යන වසම් දෙක තුල ජිවත් වන ජනතාවට අවශ්‍ය අත්‍යාවශ්‍ය ආහාර ඇතුළු ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව අකුරණ ප්‍රාදේශිය සභාවේ සභාපති ඉස්තිහාර් ඉමාමුදීන් මහතා කීය.

Read More

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් කිහිපදෙනකු බන්ධනාගාරයේ සිරමැදිරියක වහලයක් මතට නැඟ ආරම්භ කළ විරෝධතාව තුන්වැනි දිනටත් ක්‍රියාත්මක වන බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.

Read More

බෙලීස් රාජ්‍යයේ නව නායකයා ලෙස පසුගිය නොවැම්බැර් 13දා වැඩභාරගත් අග්‍රාමාත්‍ය ජෝන් බ්‍රිෂෙනෝ මේ ආකාරයෙන් කොවිඩ්-19 වෛරසය සඳහා ගොදුරු වී ඇත.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන එල්.පී.එල් තරඟාවලිය හෙටින් ආරම්භ වන අතර හිටපු ක්‍රීඩක කුමාර් සංගක්කාර සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් තරඟාවලිය​ට සුබ පැතුම් එක් කර තිබිණි.

Read More

ස්පුට්නික් වී එන්නත සමග මේ වනවිට කරළියේ කතාබහ කෙරෙන මොඩෙර්නා එන්නතත්, ෆයිසර් එන්නතත් කොවිඩ්-19 වෛරසයට එරෙහිව මේ වනවිට 95%ක් හෝ ඊට ආසන්න ඵලදායීතාවක් පෙන්නුම් කර ඇති බව අදාළ සමාගම් පවසයි.

Read More

විදේශ රටවල රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 296 දෙනෙකු රජයේ විශේෂ අවසරය මත ඊයේ දින මධ්‍යම රාත්‍රී සහ අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

චීන ජනපති ෂී ජින්පිං පවසන්නේ, සංවර්ධනය වෙමින් පවතින රටවලට කොවිඩ්-19 එන්නත් සමානාත්මතාවයෙන් හා කාර්යක්ෂමව බෙදාහැරීම සහතික කිරීම සඳහා චීනය ජර්මනිය සමග එන්නත් සම්බන්ධීකරණය සඳහා කටයුතු කිරීමට සූදානම් බවය.

Read More

එක්සත් ජනපදය දිනකට නව මරණ 2,000කට වැඩි ප්‍රමාණයක් වාර්තා කළ 21 වැනි අවස්ථාව මෙයයි. කෙසේ වෙතත් මෙය පසුගිය මැයි මාසයේ සිට එක්සත් ජනපදය දැක ඇති වැඩිම දෛනික කොවිඩ්-19 මරණ සංඛ්‍යාව වෙයි.

Read More

කොවිඩ්-19 සමග කටයුතු කිරීමේදී බොහෝ රජයන් දක්වා ඇති ප්‍රතිචාරය පාප්තුමා ප්‍රශංසා කර ඇති අතර, වසංගතයේ බරපතලකම නොසලකා හරින ලද ආණ්ඩුද දැඩිව විවේචනය කර තිබේ.

Read More

එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනයේ එන්නත් සහ අදාළ ජීව විද්‍යාත්මක නිෂ්පාදන උපදේශක කමිටුව දෙසැම්බර් මාසයේ මුල් සතියේ රැස්වී ෆයිසර් සහ බයෝටෙක් හි නව කොරෝනා එන්නත සඳහා හදිසි භාවිත අවසරයක් ලබා ගැනීම සඳහා වන අයදුම්පත සාකච්ඡා කරනු ඇත.

Read More

කොවිඩ්-19 වැරදි තොරතුරු පතුරුවා හැරීම සම්බන්ධයෙන් වන් ඇමෙරිකා ප්‍රවෘත්ති ජාලයේ යූ ටියුබ් ජාලයේ පළවන වීඩියෝ තහනමකට ලක්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

කොලොම්බියාවේ ජනපති ආර්යා මාරියා ජූලියානා රූයිස් කොවිඩ්-19 වෛරසය ආසාදිත බවට තහවුරු වුවත්, ඇයගේ ස්වාමියා වන ජනාධිපති අයිවන් ඩියුක් කොවිඩ්-19 වෛරසයට ගොදුරුව නොමැති බව කියයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 600ක සීමාව වෙත පැමිණ ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.

Read More

හෙට (25) දිනයේ සිට මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරමින් ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේය.

Read More

තවත් කොවිඩ් මරණ 04 ක් වාර්තා වෙයි. ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 94 දක්වා ඉහළ යන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.

Read More

අම්බලන්ගොඩ ප්‍රධාන පාසල් දෙකක එකම පවුලේ සිසුන් දෙදෙනකුගේ මවත් පියාත් කොරෝනා ආසාදිතයන් බවට වාර්තාවීම හේතුවෙන් එම සිසුන් දෙදෙනා සමග පන්ති දෙකෙහි ඉගෙනුම ලැබූ සියලු සිසුන් අද (24) ස්වයං නිරෝධායනයට යොමු කිරීමට සිදුවූ බව සෞඛ්‍ය අංශ පවසයි.

Read More

කොළඹ මැනිං වෙළඳ පොල ආශ්‍රිත නාට්ටාමිවරුන් සහ කොළඹ ප්‍රදේශයේ යාචකයින් පිරිසක් නිරෝධායනය සඳහා වේයන්ගොඩ, පත්තලගෙදර ගුරු අභ්‍යාස විද්‍යාල පරිශ්‍රය වෙත යොමුකර සිටියදී ඉන් 20ට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි ගම්පහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මිගාර ඈපා මහතා සඳහන් කරයි.

Read More

කලුතර බන්ධනාගාර තාප්පයෙන් විසි කීරීමට ‍‍‍‍‍‍‍‍‍‍රැගෙන ආ තහනම් ද්‍රව්‍ය තොගයක් සහිත පාර්සලයක් එම ස්ථානය අත්හැර යතුරු පැදියත් දමා පලා ගිය පුද්ගලයා සොයා පරීක්ෂණ ආරම්භ කල බව කලුතර උතුර පොලිසිය කියයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදිත 287 දෙනෙකු හඳුනාගැණුනු බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

බේරුවල ප්‍රාදේශීය සභාවේ දර්ගානගරයේ පදිංචි මන්ත්‍රීවරයකු කොවිඩ් 19 ආසාදිතයකු බවට සෞඛ්‍ය අංශ තහවුරු කරගැනීමෙන් පසු තමාව ද නිවසේ නිරෝධායනයට ලක් කළ බවත්, තම රියදුරා හා තවත් ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු අද (24) සිට නිරෝධායනය වන බව බේරුවල ප්‍රාදේශීය සභාවේ සභාපති මේනක විමලරත්න මහතා බේරුවල කරුණාසේනපුර නිවසේ දී පැවසීය.

Read More

නිසි වේලාවට විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා ක්‍රමවේදයක් කඩිනමින් සකසන බව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් පැවසීය.

Read More

කොවිඩ් අභියෝගයේ අවදානම සම්පූර්ණයෙන් අවසන් වීමට තවත් වසර දෙකහමාරක් පමණ ගතවනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇති බවත්, එවන් තත්ත්වයක් මත දරුවන්ගේ පාසල් ගමන තවදුරටත් අවුරාතැබීම ප්‍රායෝගික සාර්ථක නොවන බවත්, ඒ නිසා පවත්නා අභියෝගයට දැඩි වගකිමෙන් මුහුණ දෙමින් පාසල් විවෘත කිරිමට රජය වෙනුවෙන් තීන්දුවක් ගත් බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.